විවේචනය කිරීමට නොව ජනතා ගැටලු විසඳීමට ක්‍රමවේදයක් සකස් කිරීමට එජාපයට බලය දෙන්න – රනිල්

එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයේදී පොදු ජන පෙරමුණ හෝ වෙනත් පක්ෂ විවේචනය කිරීමට නොව ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එම ක්‍රමවේදය සළකා බලා රටේ වෙනසක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂයට ජන්දය ලබා දෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ…

කොවිඩ් 19 අද අලුතින් 10 යි, එකතුව 2001 යි

අද අලුතින් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනකු හමුවීමත් සමග මෙරටින් හමු වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2001 දක්වා ඉහල ගොස් ඇත. අද හමුවුවන්ගෙන් තිදෙනක්  නාවික හමුදා භටයෝ වෙති . අනෙක් හත් දෙනා විදේශ වල සිට පැමිණි අයවලුන් වෙති.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික, වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු තිදෙනෙක්ට අධි චෝදනා

වැලිකඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරට සහ ඊට පසු සිදුවූ සිද්ධීන්වලට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුලු සැකකරුවෙන් තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය ඉදිරියේ අද ප්‍රහාශ  කළේය. මෙම…

මැතිවරණ වේදිකාවේදී නාගන්න එපා.. පක්‍ෂය කැදවා සජිත් ගුගුරයි.. පක්‍ෂයත් සජිත්ට එය ම කියයි..

මහ මැතිවරණ වේදිකාවේ අදහස් පළ කිරීමේ දී දැඩි ලෙස කල්පනාකාරීව කටයුතු කරන්නැයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්‍ෂ අපේක්‍ෂකයන්ට දැනුම් දී තිබේ. එම පක්‍ෂ ප‍්‍රධානීන් කැඳවා ප්‍රේමදාස මහතා මෙම උපදෙස් ලබා දී ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා විසින් අගරදගුරුතුමන් ට එල්ල කළ චෝදනාව හේතුවෙන් ඇති…

ඇවන්ගාඩ් පැමිණිල්ල මෙම කොමිසමේ විෂය පථයට අදාල වන්නේ කෙසේ ද ? අනුර ජනාධිපති කොමිසමෙන් ප්‍රශ්න කරයි…

ඇවන්ට් ගාඩ් සභාපතිගේ පැමිණිලි විභාගය දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ විෂය පථයට අදාල වන්නේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ජනාධිපති කොමිසමෙන් ප්‍රශ්න කර තිබේ. ඒ එම කොමිසමේ කැඳවීම අනුව ඒ මහතා ඊයේ  (23) පෙරවරුවේ එහි ගිය අවස්ථාවේ දී ය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා නීතිඥ නියෝජනයන් නොමැතිව තනිවම…

මම කියන්නේ ඇත්ත – හරින් ප්‍රනාන්දු

ඇත්ත ඇතිසැටියෙන් දැකීමට  හරි දේ හරි ලෙස දැකීමටත් වැරදි දේ වැරදි ලෙස දැකීමටත් දෙමාපියන් තමන්ට උගන්වා ඇති බවත් කොතෙක් මඩ ගැහුවත්  තමන්ගේ කට වසා ගැනීමට සුදානම් නැති බවත් කිසිවෙකුටත් බිය නොවන අතර සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කරන බවද  බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.                     අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අගරදගුරුතුමන් වෙනුවට…

මෙරට කොවිඩ් 19 අසාදිතයින් සංඛ්‍යාව 1991 දක්වා ඉහළට

මෙරට කොවිඩ් 19 අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1991 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. අද මේ වනවිට අලුතින්  ආසාදිතයින් 40 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන්දියාවේ සිට පැමිණි පිරිසකගෙන් කොවිඩ් 19 ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගෙන ඇත.

සී අයි ඩී එන්න බෑ – කරුණා අම්මාන් ලෙඩවෙලා

තමන් අලිමංකඩ දී හමුදා භටයන් 2000ක් 3000ක් මරාදැමූ බවට කළ ප්‍රකාශය ගැන කට උත්තරයක් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබු කරුණා අම්මාන්ට අද දින පැමිණිය නොහැකි බව ඔහුගේ නීතිඥයන් මගින් දැන්ව ඒවා ඇති බව වාර්තා වෙයි. තමා අසනීපයෙන් සිටින බව කරුණා දන්වා ඒවා ඇති බව වාර්තා වෙයි .

සජිත්ගේ භාණ්ඩ ප්‍රධානයක් මැතිවරණ කොමිසමෙන් තහනම් කරයි

සජිත් ප්‍රේමදාස මහතා විසින් පොල්ගස්ඕවිට වෑතර රෝහලට භාන්ඩ ප්‍රධනය කිරීමට සංවිධානය කොට තිබු රැස්වීමක් මැතිවරණ කොමිසන් සභාව විසින් අද නවතා  දමනු ලැබී ය. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වන එරන්ද වලිඅන්ගේ මහතා විසින් මෙම උත්සවය සංවිධානය කොට තිබිණි. මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව එහි පැමිණි කොමිසමේ හා පොලිසියේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ මැතිවරණයක් පවතින…

ජනාධිපති කොමිසමට සාක්ෂි නොදී අනුර, අර්ජුන , රාජිත ආපසු යති

දේශපාලන පලිගැනීම් ගැන පරීක්ෂා කිරීමට පත්කොට ඇති ජනාධිපති කොමිසමේ කැඳවීමකට  අනුව එහි පැමිණි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හිටපු අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග සහ රාජිත සේනාරත්න මහත්වරුන් කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් වැලකි අද ආපසු ගියහ. තමන් කොමිසම හමුවට කැඳවීමට හේතු දැක්වීමට කොමිසම අසමත්වීමත් කොඉසමේ මෙම පරීක්ෂණය නීතියට පටහැනි බව නීතිපතිතුමා ප්‍රකාශ කොට තිබීමත් නිසා මෙම…

සේනාපතිගේ අවන්ගාඩ් පැමිණිල්ල විමසන්න ජනාධිපති කොමිසමට බලයක් නෑ – නීතිපතිගෙන් විරෝධතාවක්

නිශ්ශංක සේනාපති මහතා විසින් අවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂක සේවයේ කටයුතු රජයට පවරාගැනීම පිලිබඳ පැමිණිල්ල විභාග කිරීමට දේශපාලන පලිගැනීම් ගැන විභාග කිරීමට පත්කොට ඇති ජනාධිපති කොමිසමට බලයක් නැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති කොමිසම වෙත දැනුම් දී ඇත. මෙම කොමිසම පත්කොට ඇත්තේ රජයේ සේවකයන්ට, රජයේ සංස්ථාසේවකයන්ට  සහ හමුදාවේ හෝ පොලිස් සේවයේ නියුතු වුවන්ට ආදී නිල…

හරීන්ගේ ප්‍රකාශය කතෝලික සභාව හෙළා දකී

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් කර ඇති අවමන් සහගත හා පදනම් විරහිත ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා කතෝලික සභාව සහ කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය නිවේදන දෙකක් නිකුත් කරමින් කියා සිටී. හරීන් ප්‍රනාන්දු මහතා විසින් කර ප්‍රකාශය නිවැරදි කිරීමටත් අපහාසයට සමාව ගැනීමටත් අදාළ අය…