මම කියන්නේ ඇත්ත – හරින් ප්රනාන්දු

ඇත්ත ඇතිසැටියෙන් දැකීමට හරි දේ හරි ලෙස දැකීමටත් වැරදි දේ වැරදි ලෙස දැකීමටත් දෙමාපියන් තමන්ට උගන්වා ඇති බවත් කොතෙක් මඩ ගැහුවත් තමන්ගේ කට වසා ගැනීමට සුදානම් නැති බවත් කිසිවෙකුටත් බිය නොවන අතර සමගි ජනබලවේගයේ ජයග්රහණය තහවුරු කරන බවද බදුල්ල දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හරින් ප්රනාන්දු මහතා පැවසීය.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අගරදගුරුතුමන් වෙනුවට ‘අදරදගුරු’ ලෙස පැවසීමෙන් වූ වරදට සමාව ගන්නා බව ඒ මහතා ප්රකාශ කළේ ය.
අගරදගුරුතුමා දේශපාලනයට මැදිහත් වූ බවට කළ චෝදනාව ගැන ඔහු කිසිවක් කීවේ නැත.
බදුල්ල තැපැල් සංකිර්ණයේ දී අද (23) පැවැති සමගි ජන බලවේගයේ බදුල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් මේ බව ප්රකාශ කළේය.
