හිටපු අමාත්‍ය පාඨලී චම්පික, වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු තිදෙනෙක්ට අධි චෝදනා

වැලිකඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරට සහ ඊට පසු සිදුවූ සිද්ධීන්වලට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුලු සැකකරුවෙන් තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය ඉදිරියේ අද ප්‍රහාශ  කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (24) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම සිද්ධියේ සැකකරුවන් වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍යවරයාගේ රියැදුරා වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා වන සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලේ මහතා යන අයවලුන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *