සජිත්ගේ භාණ්ඩ ප්‍රධානයක් මැතිවරණ කොමිසමෙන් තහනම් කරයි

සජිත් ප්‍රේමදාස මහතා විසින් පොල්ගස්ඕවිට වෑතර රෝහලට භාන්ඩ ප්‍රධනය කිරීමට සංවිධානය කොට තිබු රැස්වීමක් මැතිවරණ කොමිසන් සභාව විසින් අද නවතා  දමනු ලැබී ය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වන එරන්ද වලිඅන්ගේ මහතා විසින් මෙම උත්සවය සංවිධානය කොට තිබිණි.

මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව එහි පැමිණි කොමිසමේ හා පොලිසියේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ මැතිවරණයක් පවතින සමයක අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් මෙබඳු භාණ්ඩ ප්‍රධානය කිරීමේ උත්සව පැවැත්වීම මැතිවරණ නීතියට අනුව නීති විරෝධී ක්‍රියාවක් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *