ජනාධිපති කොමිසමට සාක්ෂි නොදී අනුර, අර්ජුන , රාජිත ආපසු යති
දේශපාලන පලිගැනීම් ගැන පරීක්ෂා කිරීමට පත්කොට ඇති ජනාධිපති කොමිසමේ කැඳවීමකට අනුව එහි පැමිණි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හිටපු අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග සහ රාජිත සේනාරත්න මහත්වරුන් කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් වැලකි අද ආපසු ගියහ.
තමන් කොමිසම හමුවට කැඳවීමට හේතු දැක්වීමට කොමිසම අසමත්වීමත් කොඉසමේ මෙම පරීක්ෂණය නීතියට පටහැනි බව නීතිපතිතුමා ප්‍රකාශ කොට තිබීමත් නිසා මෙම තීරණය ගත් බව ඔවුහු කියති .
මෙම තිදෙනා කොමිසම හමුවට කැඳවා තිබුනේ අවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා කොමිසමට කළ පැමිනිල්ලක වගඋත්තර කරුවන් වශයෙනි.
කෙසේ වෙතත් මෙම කොමිසමට පැමිණිලි කිරීමට රජයේ සේවකයකු නොවන නිශ්ශංක සේනාධිපති මහතාට අයිතියක් නැති බව නීතිපතිවරයා ඊයේ යැවූ විරෝධතාවක දන්වා තිබුණි.
