’’හිරුණිකාගේ මාතෘත්වයට අපහාස කරන්න එපා’’ – අගමැති රනිල් වික්‍රමසිංහ

  තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නො කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍ය පරිශීලකයන් අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ අන් සියලු දේට වඩා මව යන…

තවත් ආධාර දෙන හැටි හොයන්න ඉන්දීය ධුත පිරිසක් එති

  දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තව දුරටත් ආධාර දෙන ආකාරය ගැන වැඩිදුර සාකච්ඡාවක් සඳහා ඉන්දියානු ධුත පිරිසක් හේර මෙරටට පැමිණීමට නියමිත ය. දැනට ලබා දී ඇති ණය සහ ආධාරවලට අමතර වශයෙන් තවත් ආධාර දිය හැකි ක්‍රම සොයා බැලීම මෙම ගමනේ අරමුණ වී තිබේ. එමෙන් ම ඇමෙරිකානු නියෝජිතයෙක් ද ලබන සතියේ මෙරටට…

දැවිතෙල් නෞකාවකට ඩොලර් ගෙවයි ; විදුලි බලාගාරවලට ලබා දෙයි

  මෙරටට පැමිණි   දැවිතෙල් නෞකාවක් සඳහා ඩොලර් මිලියන 34 ක් ගෙවූ බවත් එම තෙල් තොගය අද (22) ගොඩබෑම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. එම තෙල් තොගය විදුලි බලාගාර සහ කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිත බවත් නොරොච්චෝලේ බලගාරයේ අලුත්වැඩියා කටයුතු අතරතුරදී විදුලි කප්පාදුව තව දුරටත් වර්තමාන තත්වයේ පවත්වා ගැනීමට එම…

වැද්දාට බනිමින් සිටියා නම් වටුවන් තාම දැලේ – රනිල්

  වටු වැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලවුණේ හැම දෙනාම එකට එක්වී දැල ඔසවාගෙන පියෑඹූ නිසා යැයිද  වැද්දාට බැන බැන හිටියා නම් මුළු වටු රැලම වැද්දාගේ දැලට හසුවන්නේ යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)පැවසීය. ශ්‍රී ලංකාව පැටලී සිටින  ආර්ථික අර්බුද දැලෙන් මිදෙන්නට නම් සියලු දෙනා එක්වී අභියෝගය ජය ගත යුතු බව කී අග්‍රාමාත්‍යවරයා …

බංකොලොත් රටකට ආර්ථික ආධාර කරන්න බැහැ ; ගොටාභයට තෙල් ඕනෑ නම් පුටින් ඇමතිය යුතුයි – රුසියානු තානාපති විමල්, ගම්මන්පිල කණ්ඩායමට කියයි.

බංකොලොත් වූ රටකට ආර්ථික වශයෙන් උපකාර කිරීමට නොහැකි නමුත් ශ්‍රී ලංකාවේ දැනට ඇති වාතාවරණය මත මානුෂවාදීව උදව් කිරීමට රුසියානු රජය නොපැකිලෙන  බව කොළඹ සිටින රුසියානු තානාපති යූරි මැටරි මහතා සදහන් කර තිබේ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්චා කර රජය නියෝජනය කරන බලවත් කණ්ඩාමක් රුසියාවට යවා සාකච්ඡා පැවැත්වුවහොත් රුසියාවේ උපකාර ලබාගත හැකිවනු ඇතැයි ද…

“රනිල් අගමැති කරන්න කිව්වේ කව්ද ?” අද පාර්ලිමේන්තුවේ විවාද වෙයි

  රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කරන ලෙස ජනාධිපතිතුමාට ඇවිටිලි කළේ කව්ද ? යන්න අද දිනයේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විවාදය බවට පත්ව තිබිණි. ශ්‍රීලනිප කණ්ඩායමක් සහ ආණ්ඩුවෙන් ඉවත් වූ පොහොට්ටු කණ්ඩායම එම ඉල්ලීම කළ බවට විමල් වීරවංශ මහතා චෝදනා කළ අතර මහින්ද අමරවීර, නිමල් ලන්සා ,ඇතුළු පිරිසක් එය ප්‍රතික්ෂේප කළේය. මෛත්‍රීපාල සිරිසේන, නිමල් ලන්සා , විජේදාස…

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට නොගන්නැයි ඉල්ලු වරණ නියෝගය ප්‍රතික්ෂේප වෙයි

මැයි  9 දා පහරදීම් සම්බන්ධයෙන් තමා අත් අඩංගුවට ගැනීම වලක්වන වාරණ නියෝගයක් ඉල්ලා හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට ඇත. අරලියගහ මැදුරේ පැවති රැස්වීමකින් පසු මයිනා ගෝ ගම සහ ගෝටා ගෝ ගම අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබේ. ඒ මහතා අත් අඩංගුවට ගන්න ලෙස…

ආණ්ඩුවේ 21 දැන් 22 සංශෝධනය වෙයි ; පළමුවෙන් නීතිපතිට

ආණ්ඩුව ඉදිරිපත් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මින් ඉදිරියට 22 වැනි සංශෝධනය ලෙස හඳුන්වනු ලබන බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර නීතිපතිවරයාගේ අවධානයට යොමු කරනු ඇති බවත්, ජනමාධ්‍ය ඇමැති , කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය ලෙස යෝජනාවක් සමගි ජන බලවේගය පාර්ලිමෙන්තුවට…

සජබ – ජාජබ මේ සතියේ පාර්ලිමේන්තු නොඑයි ; ලබන සතියේ එයි !

  ජනතා ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවෙන් විසඳුම් නොලැබෙන නිසා මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය  කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කොට ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. එම පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගිය බව ද වාර්තා වී ය. කෙසේ වෙතත්, ලබන සතියෙන් පසු පාර්ලිමේන්තු…

සජබ ගෙනා 21 සංශෝධනය ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කරයි

සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. එම වගන්ති සම්මත කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු…

රෝයල් පාක් ඝාතකයා නිදහස් කරන්න කව්දෝ සල්ලි අරන් ; මට ශතයක්වත් ලැබුණේ නැහැ – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

  රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව දීම සඳහා කිසියම් තැනැත්තකු පවූලේ අයගෙන් මුදල් ලබාගෙන ඇති බව බුද්ධි අංශ නිලධාරීන් තමන්ට දැනුම් දුන් බවත්,  තමන්ට නම් ශතයක් වත් නොලැබුණු බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. එම ඝාතකයා නිදහස් කිරීමේ දී මුදල් ලබාගෙන ඇතැයි පළ වූ වාර්තා ගැන බුද්ධි අංශ යොදවා කළ පරීක්ෂණයක දී මේ…

21 වැනි සංශෝධනය ශ්‍රේෂ්ටාධිකරණයට යොමු කෙරෙයි ; ව්‍යවස්ථානුකුල භාවය විමසයි

අද දින කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයේ ව්‍යවස්ථානුකුල භාවය විමසීම සඳහා එය වහාම ශ්‍රේෂ්ටාධිකරණයට යොමු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි. මෙම කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරෙමටත් එහි පිටපත් කතානායක වරයා වෙත ලබාදීමටත් ඉක්මනින් ම පියවර ගනු ලබන අතර කථානායකතුමා විසින් එහි පිටපතක් ශ්‍රේෂ්ටාධිකරණයට යොමු කරනු ඇත. සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට…