21 වැනි සංශෝධනය ශ්‍රේෂ්ටාධිකරණයට යොමු කෙරෙයි ; ව්‍යවස්ථානුකුල භාවය විමසයි

අද දින කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයේ ව්‍යවස්ථානුකුල භාවය විමසීම සඳහා එය වහාම ශ්‍රේෂ්ටාධිකරණයට යොමු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙම කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරෙමටත් එහි පිටපත් කතානායක වරයා වෙත ලබාදීමටත් ඉක්මනින් ම පියවර ගනු ලබන අතර කථානායකතුමා විසින් එහි පිටපතක් ශ්‍රේෂ්ටාධිකරණයට යොමු කරනු ඇත. සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල ද යන්න විමසීම එමගින් සිදු කෙරෙයි.

එමේන් ම ඕනෑම පුරවැසියකුට එය අභියෝගයට ලක් කරමින් අධිකරණයට යෑමට ද සති දෙකක කාලයක් හිමි වෙයි. අධිකරණයේ තීන්දුව සති දෙකක කාලයක් තුළ ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ලබන්නේ ඉන් අනතුරුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *