රෝයල් පාක් ඝාතකයා නිදහස් කරන්න කව්දෝ සල්ලි අරන් ; මට ශතයක්වත් ලැබුණේ නැහැ – හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන

රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව දීම සඳහා කිසියම් තැනැත්තකු පවූලේ අයගෙන් මුදල් ලබාගෙන ඇති බව බුද්ධි අංශ නිලධාරීන් තමන්ට දැනුම් දුන් බවත්, තමන්ට නම් ශතයක් වත් නොලැබුණු බවත්, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කරයි.
එම ඝාතකයා නිදහස් කිරීමේ දී මුදල් ලබාගෙන ඇතැයි පළ වූ වාර්තා ගැන බුද්ධි අංශ යොදවා කළ පරීක්ෂණයක දී මේ බව හෙළි වූ බව ඒ මහතා කියයි.
මෙම ඝාතකයාට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ලිපියක් රැගෙන එම පවුලේ උදවිය සමග අතුරලියේ රතන හිමියන් තමා හමු වූ බවත්, පසුව අවස්ථා ගණනාවක රතන හිමියන් සහ ඝාතකයාගේ පවුලේ උදවිය තමා හමු වූ බවත්, ජනාධිපතිවරයා කියයි.
එම පවුල ක්රිස්තියානි භක්තික පිරිසකි.
ඝාතකයා නිදහස් කිරීමට කිසියම් අයෙකු මුදල් ලබාගෙන ඇති බුද්ධි අංශ නිලධාරීන් තහවුරු කළ බව හිටපු ජනාධිපතිවරයා කියයි.
රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් ඒ මහතා මේ තොරතුරු හෙළි කළේය.
රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව ලබා දුන්නේ මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි. එය කරන ලද්දේ සියලු ක්රමවේදයන්ගෙන් බැහැරව බවට ද චෝදනා එල්ල වී තිබේ.
