සජබ ගෙනා 21 සංශෝධනය ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කරයි

සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. එම වගන්ති සම්මත කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කර ඇත.

සමගි ජන බලවේගය වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කොට තිබිණි.

ඒ පිළිබඳව ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් විභාගයේ තීන්දුව කතානායක වරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *