සජබ – ජාජබ මේ සතියේ පාර්ලිමේන්තු නොඑයි ; ලබන සතියේ එයි !

 

ජනතා ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවෙන් විසඳුම් නොලැබෙන නිසා මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය  කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කොට ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එම පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගිය බව ද වාර්තා වී ය.

කෙසේ වෙතත්, ලබන සතියෙන් පසු පාර්ලිමේන්තු රැස්වීම්වලට මෙම පක්ෂ සහභාගී වනු ඇති බව දේශපාලන අංශ කියයි.

මෙම පක්ෂ පසුගිය කාලයේ නිතිපතා පාර්ලිමේන්තු පැමිණියේ එම කාලයේ පාර්ලිමේන්තුව ජනතා ප්‍රශ්න විසඳීමට කටයුතු කරමින් සිටි නිසාදැයි ඇතැම් දේශපාලන නිරීක්ෂකයෝ ප්‍රශ්න කරති.

එතෙක් මෙතෙක් පාර්ලිමේන්තුවේ සිදු වී ඇති වෙනස්කම් නම් මහින්ද රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට බලයෙන් ඉවත්වීමට සිදුවීම සහ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්වීමයි.

විපක්ෂයේ අදහස අනුව පාර්ලිමේන්තුව ජනතා ප්‍රශ්න නොවිසඳන තැනක් බවට පත්ව ඇත්තේ මෙම වෙනස්කම් සිදුවීමෙන් පසුව ය.

ඒ අතර මෙරටට පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙම සතියේ මෙරට රැඳී සිටිමින් ආණ්ඩුවේ නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටියි. ඒ මෙරටට අවශ්‍ය ආධාර ලබාදීම පිළිබඳව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *