ආණ්ඩුවේ 21 දැන් 22 සංශෝධනය වෙයි ; පළමුවෙන් නීතිපතිට

ආණ්ඩුව ඉදිරිපත් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මින් ඉදිරියට 22 වැනි සංශෝධනය ලෙස හඳුන්වනු ලබන බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර නීතිපතිවරයාගේ අවධානයට යොමු කරනු ඇති බවත්, ජනමාධ්‍ය ඇමැති , කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය ලෙස යෝජනාවක් සමගි ජන බලවේගය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ අතර එහි ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට ඇත.

කෙසේ වෙතත්, එම යෝජනාව 21 වැනි සංශෝධන යෝජනාව ලෙස හැඳින්වෙන නිසා ආණ්ඩුවේ යෝජනාව මින් ඉදිරියට 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින්වෙනු ඇත.

නීතිපතිවරයාගේ අනුමැතියෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හා ගැසට් කිරීමට නියමිත අතර එහි ව්‍යවස්ථානුකුලභාවය තීරණය කිරීම සඳහා ශ්‍රේෂ්ටාධිකරණයට යොමු කිරීමට ද නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *