“රනිල් අගමැති කරන්න කිව්වේ කව්ද ?” අද පාර්ලිමේන්තුවේ විවාද වෙයි

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කරන ලෙස ජනාධිපතිතුමාට ඇවිටිලි කළේ කව්ද ? යන්න අද දිනයේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විවාදය බවට පත්ව තිබිණි.
ශ්‍රීලනිප කණ්ඩායමක් සහ ආණ්ඩුවෙන් ඉවත් වූ පොහොට්ටු කණ්ඩායම එම ඉල්ලීම කළ බවට විමල් වීරවංශ මහතා චෝදනා කළ අතර මහින්ද අමරවීර, නිමල් ලන්සා ,ඇතුළු පිරිසක් එය ප්‍රතික්ෂේප කළේය.
මෛත්‍රීපාල සිරිසේන, නිමල් ලන්සා , විජේදාස රාජපක්ෂ, මනුෂ නානායක්කාර ඇතුළු පිරිසක් කීවේ කීවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහාත් කළ ඉල්ලීම් සහ අගමැති ධුරය භාරගැනීමට කළ ඉල්ලීම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගට ප්‍රතික්ෂේප කළ බවයි.
තම පක්ෂවල සහය ඇතිව විපක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවන ලෙස කළ ඉල්ලීම ද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කළ බව විජේදාස රාජපක්ෂ මහතා කී ය.
මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ හැටි ගැන පරීක්ෂණයක් කළ යුතු බවයි.
තමන්ට ලැජ්ජයි, හිරිකිතයි කියූ සජිත් ප්‍රේමදාස මහතා අවසානයේ අගමැතිකම ඉල්ලු බව මනුෂ නානායක්කාර මහතා කී ය.
අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්නට කියූ කිසිවෙක් ඉදිරිපත් නොවූ අතර බහුතරයක් සිටියේ සජිත්ට අගමැතිකම භාරගන්න කී උදවිය යි.
කෙසේ වෙතත් දැන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී අවසන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
