අගමැති නිවසට පහර දීම අරගලයට ඇඟිල්ල දිගු කරන්න බෑ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

  අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් අරගලයට ඇඟිල්ල දිගු කරන්න නොහැකි යැයිද එම සිදුවීම පිටුපස වෙනත් දේශපාලන අරමුණක් තිබෙන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (10) පැවසීය. එක්සත් ජාතික පක්ෂය යනු මුල සිටම සාමකාමී අරගලයට සහයෝගය ලබා දුන් පක්ෂයක් බව කී විජයවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයාගේ නිවස පිළිස්සීමට සෙනඟ ගෙන එන්නැයි එක් දේශපාලන…

ජනපති මැදුර අල්ලාගත්තාට ආණ්ඩුව වැටී නැහැ – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

  අරගලකරුවන් ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය, අල්ලාගත්තාට ආණ්ඩුව වැටී නැති බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි. එම ජනාධිපති, එම අගමැති, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, හමුදාපතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු කිසිවක් වෙනස් වී නැති බවත්, ඒ , ඒ මහතා කියයි. කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් ඇති බවත්, ජනාධිපතිතුමා ඉල්ලා…

ගෑස් නැව් තුනක් එයි

  අද සහ ඉදිරි දින කිහිපයේ ගෑස් නැව් තුනක් මෙරටට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි. ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් රැගත් නැවක් අද දහවල් මෙරටට පැමිණීමට නියමිත ය. තවත් එම ප්‍රමාණයේ ම නැවක් හෙට දිනයේ ලැබෙන බවත්, 16 වැනිදා වනවිට තෙවැනි නැව පැමිණීමට නියමිත බවත්, ලිට්‍රෝ සමගම කියයි. ගෑස් ටොන් 100,000 ක් ලබා…

මුල්‍ය අරමුදල අනතුරු අඟවයි

  ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමේ සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා රටේ දේශපාලන කැළඹිලි  තත්ත්වය විසඳගන්නා ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් කියයි. තමන් අනුග්‍රහය දක්වන වැඩ සටහන ඉදිරියට ගෙනයාමට හැකිවන පරිදි මෙරට දේශපාලන අර්බුදය විසඳා ගනු ඇති අපේක්ෂා කරන බව එම ආයතනය සඳහන් කරයි. රටේ ඇති වූ උද්ඝෝෂණ වලින් පසු මුල්‍ය අරමුදල මෙම නිවේදනය…

අයි.ඕ.සී ඉන්ධන බෙදීම යළිත් අරැඹේ

  ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද (10) නැවත ආරම්භ කළ බව එම සමාගම පවසයි.  එම සමාගමේ ත්‍රිකුණාමලය තෙල් පර්යන්තය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් පවසයි. (යොහාන් භාසුර) ලංකාදීප

අගමැති නිවෙසට ගිනිතැබීම නීතිඥ සංගමය හෙළා දකියි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙසට ගිනිතැබීම ඇතුළු දේපළ විනාශ කීරීම් හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. මෙබඳු ක්‍රියා මගින් ශ්‍රී ලංකාවේ ජනතාවට සහ ආර්ථිකයට හානි සිදුවන බව කියන එම සංගමය මෙබඳු ප්‍රචණ්ඩ ක්‍රියාවල නොදෙන ලෙසත්, එබඳු ක්‍රියාවල යෙදීමට අන් අයට ඉඩ නොදෙන ලෙසත්, සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. දේපළ…

අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක් ; ඉල්ලා අස්වන හැටි කියයි

  සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා බහුතරය ප්‍රකාශ වීමෙන් පසු තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. තමන් එතෙක් රටේ කටයුතු පවත්වාගෙන යාමට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවද ඔහු පැවසීය. අද මෙරට ඉන්ධන ප්‍රශ්නය මෙන්ම ආහාර හිඟයක් ද තිබෙන අතර ඒ වෙනුවෙන් ලෝක ආහාර සංවිධානයේ ප්‍රධානියා ලංකාවට පැමිණීමට නියමිත බවත් ජාත්‍යන්තර…

රාජකීය විද්‍යාලයට පරිත්‍යාගකොට තිබු රනිල්ගේ කෞතුකාගාරයක් බඳු නිවෙසට ගිනි තැබීමේ අපරාධය

  විරෝධතාකරුවන් විසින් ගිනි තබා විනාශ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස එතුමා විසින් රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කොට තිබු දෙපළකි. එමෙන් ම එය වෙනත් දේශපාලඥයින් මෙන් දේශපාලනයෙන් හම්බ කර ඉදිකළ එකක් නොව එතුමාට පරම්පරාවෙන් හිමි වුවකි. රනිල් වික්‍රමසිංහ මහතා අන්තිම කැමති පත්‍රයක් මගින් එය රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කොට තිබිණි. මහජන දේපළ කොල්ල කාම නොව…

ජාත්‍යන්තරය ස්ථාවර ආණ්ඩුවක් ඉල්ලද්දී අරගලකරුවෝ අරාජිකත්වයක් ඉල්ලති

රටේ පවතින ආර්ථික අර්බුදයේ දී රටට අවශ්‍ය ආධාර ලබාදීම සඳහා ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බව ජාත්‍යන්තර ප්‍රජාව කියන අතර සම්පුර්ණ අරාජිකත්වයක් ඉල්ලන යෝජනා මාලාවක් අරගලකරුවෝ අද ප්‍රකාශයට පත් කළහ. ඒ අනුව ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරු සියලුඕ දෙනා ඉල්ලා අස් විය යුතු ය. අමාත්‍යංශ ලේකම්වරු, අධ්‍යක්ෂකවරු සංස්ථා මණ්ඩල සභාපතිවරුන්, තානාපතිවරුන් ආදී සියලු දෙනා ඉල්ලා අස් විය…

13 දා දක්වා තනතුරේ ඉන්න බව ගෝටාභය දන්වයි

තමන් 13 දා දක්වා තනතුරේ රැඳී සිටින බවත්, 13 දා තනතුරින් ඉල්ලා අස්වන බවත් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා කතානායකවරයා වෙත දන්වා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍යවේදීන්ට පහරදීම ගැන අගමැති කණගාටුව පළ කරයි

විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය නිදහස ප්‍රමුඛ වන බව කියන අග්‍රාමාත්‍යවරයා ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංයමයෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලින් මෙන්ම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

අගමැති රනිල්ගේ නිවෙසට ගිනි තබති

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවෙසට ඇතුළු වූ විරෝධතාකරුවෝ එයට ගිනි තබා ඇත. මේ වනවිටත් නිවෙස ගිනි ගනිමින් පවතින බව දැනගන්නට ඇත.