අගමැති නිවෙසට ගිනිතැබීම නීතිඥ සංගමය හෙළා දකියි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙසට ගිනිතැබීම ඇතුළු දේපළ විනාශ කීරීම් හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
මෙබඳු ක්‍රියා මගින් ශ්‍රී ලංකාවේ ජනතාවට සහ ආර්ථිකයට හානි සිදුවන බව කියන එම සංගමය මෙබඳු ප්‍රචණ්ඩ ක්‍රියාවල නොදෙන ලෙසත්, එබඳු ක්‍රියාවල යෙදීමට අන් අයට ඉඩ නොදෙන ලෙසත්, සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.
දේපළ ගිනිතැබීම් සහ විනාශයන් මගින් අරගලයේ අරමුණු පරාජය කිරීම සිදුවන බව ද නීතිඥ සංගමය පෙන්වා දෙයි.
