රාජකීය විද්‍යාලයට පරිත්‍යාගකොට තිබු රනිල්ගේ කෞතුකාගාරයක් බඳු නිවෙසට ගිනි තැබීමේ අපරාධය

විරෝධතාකරුවන් විසින් ගිනි තබා විනාශ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස එතුමා විසින් රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කොට තිබු දෙපළකි.
එමෙන් ම එය වෙනත් දේශපාලඥයින් මෙන් දේශපාලනයෙන් හම්බ කර ඉදිකළ එකක් නොව එතුමාට පරම්පරාවෙන් හිමි වුවකි. රනිල් වික්‍රමසිංහ මහතා අන්තිම කැමති පත්‍රයක් මගින් එය රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කොට තිබිණි.
මහජන දේපළ කොල්ල කාම නොව ඒ මහතා කර තිබුණේ තම එකම දේපළ මහජනයාට පරිත්‍යාග කිරීම යි.
රනිල් වික්‍රමසිංහ මහතාට පාරම්පරිකව උරුම වූ කෞතුක භාණ්ඩ වලින් යුතු මෙම නිවසේ වැඩිපුරම තිබුණේ පොත් පත් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කොට ඇත.
නවීන භාණ්ඩ කිසිවක් එහි නොතිබූ බවත් පැරණි ගෘහ භාණ්ඩ පමණක් තිබූ බවත් එම ප්රකාශකයාකියයි
ගෙබිමට අල්ලා තිබූ ටයිල් පවා නවීන ඒවා නොව පැරණි මැටි ටයිල් විශේෂයක් බව සඳහන් වෙි. අග්‍රාමාත්‍ය ධුරයට හිමි නිල නිවස ලෙස අරලියගහ මන්දිරය තිබූ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ කිසිදු අවස්ථාවක අරලියගහ මන්දිරයේ පදිංචියට නොගිය අතර කොළඹ පස්වන පටුමග පිහිටි මෙම නිවසේ ජීවත් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ගිලන්ව සිටින මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙම නිවසේ පදිංචිව සිටියහ.
විවිධ සම්ප්‍රදායන්ට අයත් ඉතා පැරණි බුදු පිළිම කිහිපයක්ද මෙම නිවසේ තිබුණු අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ පුස්තකාලයේ තිබූ දුර්ලභ පොත්පත් ඇතැම් විට ලංකාවේ වෙනත් තැනක නොතිබෙන්නට ඇතැයි අග්‍රාමාත්‍යවරයාට සමීප උදවිය ප්‍රකාශ කරති.
එම නිවෙසට ගිය මාධ්‍යවේදීන්ට සහ වෙනත් සියලු දෙනාට එහි තිබු පැරණි භාණ්ඩ සහ පිළිම දකින්නට ලැබී තිබේ.
අරගලකරුවන් ගිනි තබා විනාශ කළේ ජාතියට පරිත්‍යාග කොට තිබු එබඳු සම්පතකි
