ජාත්‍යන්තරය ස්ථාවර ආණ්ඩුවක් ඉල්ලද්දී අරගලකරුවෝ අරාජිකත්වයක් ඉල්ලති

රටේ පවතින ආර්ථික අර්බුදයේ දී රටට අවශ්‍ය ආධාර ලබාදීම සඳහා ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බව ජාත්‍යන්තර ප්‍රජාව කියන අතර සම්පුර්ණ අරාජිකත්වයක් ඉල්ලන යෝජනා මාලාවක් අරගලකරුවෝ අද ප්‍රකාශයට පත් කළහ.
ඒ අනුව ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරු සියලුඕ දෙනා ඉල්ලා අස් විය යුතු ය.
අමාත්‍යංශ ලේකම්වරු, අධ්‍යක්ෂකවරු සංස්ථා මණ්ඩල සභාපතිවරුන්, තානාපතිවරුන් ආදී සියලු දෙනා ඉල්ලා අස් විය යුතුය.
අන්තර්වාර පාලනයක් බිහිවිය යුතු බව කියතත්, එය පත්වන ක්‍රමයක් නැත. මහජන කවුන්සිලයක් ගැන කියන නමුත්, එය පත්වන ක්‍රමයක් ද නැත.
මහජනයාගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදිය යුතු බව කියතත්, සංස්ථා මණ්ඩල කිසිවක නිලධාරීන් නැතිව ඒවා සපයන ක්‍රමයක් ගැන අදහසක් නැත.
ණය කපා හැරීම් ගැන කතා කළ ද ඒවා කළ හැකි වගකිව යුතු ව්‍යුහයක් ගැන යෝජනා නැත.
ආර්ථික අර්බුදයක් ගැන කිසිදු සඳහනක් නැත.
ඉල්ලා සිටින්නේ සම්පුර්ණ අරාජිකත්වයකි.
මේ ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට මොවුන් උත්සහ කළොත් ජනතාවට අබ සරණය.
