ජනපති මැදුර අල්ලාගත්තාට ආණ්ඩුව වැටී නැහැ – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

 

අරගලකරුවන් ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය, අල්ලාගත්තාට ආණ්ඩුව වැටී නැති බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එම ජනාධිපති, එම අගමැති, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, හමුදාපතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු කිසිවක් වෙනස් වී නැති බවත්, ඒ , ඒ මහතා කියයි.

කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් ඇති බවත්, ජනාධිපතිතුමා ඉල්ලා අස්වීමට වෙලාව ගනිමින් සිටින බව තම විශ්වාසය බවත්, විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ WION පුවත් සේවය මෙරට තත්ත්වය ගැන කළ විමසීමකට පිළිතුරු ලෙස ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *