කඩා දමා ජයකොඩි නැංවූයෙමු. දැන් තියෙන්නේ ඉදිකිරීම ය – නිශාන්ත කමලදාස

ඔ්නෑම බූරුවෙකුට වී බිස්සක් කඩා බිඳ දැමිය හැකි ය. එහෙත් එවැන්නක් නැවත ඉදිකිරීමට දක්ෂ වඩුවෙකු වුවමනා ය. මේ ප්‍රසිද්ධ ප්‍රකාශය මට මතක් වූයේ අරගලයේ ජයග්‍රහණයේ සතුට තුනී වී ගෙන යන මොහොතේ ය. එයින් අදහස් කරන්නේ අරගල, විශේෂයෙන් ම මේ අරගලය, ඔ්නෑම බූරුවෙකුට කළ හැකි බව නොවේ. සංකේන්ද්‍රණය වූ බලයකට එරෙහි කරන ඔ්නෑ ම අරගලයක් අමාරු ය. මේ අරගලය, සුවිශාල ජනවරමක් සහිත බලයට පත් වූ, වරෙක රටේ විශාල පිරිසකගේ ගෞරවාදරයටත් තවත් සැළකිය යුතු පිරිසකගේ භීතියටත් හේතූ වූ, පාලක පරපුරක් ම එලවා දැමීම නිමිති කොට ගෙන පැවති නිසා ද ඒ තුළ සැළකිය යුතු අවදානමක් තිබුණු නිසා ද එය වී බිස්සක් කඩා දැමීමකට කෙසේ වත් සමාන කළ නොහැකි ය.
එහෙත් දැන් අපට දක්ෂ වඩුවෙකු (ඇතැම් විට වඩුවන් ගණනාවක් ම) ඔ්නෑ බව නම් කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. සැබෑ අරගලය, වඩා අභියෝගාත්මක අරගලය, ඒ නිසා ම තියෙන්නේ ඉදිරියට ය. ඒ කඩා බිඳ දමන ලද දේ අයින් කොට නව සමාජය බිහි කිරීමේ ය.

මගේ මුල් තක්සේරුව වූයේ අරගලයේ අප විසින් ඊයේ පසු කළ පියවර සඳහා මිනිස් ජීවිත ගණනාවක් බිල්ලට දීමට සිදු විය හැකි බව ය. අප අරගලයේ දිසානතිය වෙනස් කිරීමට යෝජනා කළේ ඒ සන්දර්භය හමුවේ ය. එහෙත් එය එසේ නොවි අවසන් වීම ගැන අපට ඇත්තේ සතුටකි. අරගලය මා සිතුවාට වඩා ශක්තිමත් ව වැඩී ගියේ පසු විපාක නැතිව ම ආණ්ඩුවට අකුලා ගන්නට බල කරමින් ය. ඒ සම්බන්ධයෙන් අරගලයට සම්බන්ධ වූ ඒ වෙනුවෙන් තමන්ගේ බොහෝ දේ කැප කළ හැමට ගෞරවය හිමි විය යුතු ය.
අරගලයේ දිසානතිය වෙනස් කිරීමට යෝජනා කරමින් අප ඒ දින වල කීවේ සර්ව පාක්ෂික විකල්ප ආණ්ඩුවක් සෑදීමට (ගෝඨා ඉවත් විය යුතු බව ට කොන්දේසි ඉදිරිපත් කරමින් නොසිට) කැප විය යුතු බව ය. ජූලි 9 දා ඉලක්ක කර ගෙන අරගලය මෝදු වන විට අප කීවේ විකල්ප සර්ව පාක්ෂික සන්ධානයක් සාදා ඊට බලය ලබා දෙන ලෙස බල කරන සාධනීය සටන් පාඨ ඉදිරිපත් කරමින් අරගලය දියත් කළ යුතු බව ය. එය ද සිදු වූයේ නැත. අරගලය දිගින් දිගට ම පාලකයන් ඉවත් වීම වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියට ගිය අතර ඉන් පසු සිදු වන්නේ කුමක් ද යන ප්රශ්නය නොසළකා හරින ලද්දේ ය. එය ඒ වෙලාවට බලා ගත හැකි යයි නිරන්තරයෙන් කල් දමනු ලැබුවේ ය.
ගෝඨා ඉවත් වීමට දින වකවානු දී ඇති සන්දර්භයක එය තවදුරටත් කල් දැමිය නොහැකි ය. දැන් විකල්ප සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදිය යුතු ය. වඩුවන් අවශ්‍ය ඒ සඳහා ය. මේ රටේ අපට නැත්තේ ද ඒ පිරිස ය.
අපට තිබුණේ නායකත්ව අර්බුදයකි. අපේ රටේ කිසි දාක ජාතික නායකයන් සිටියේ නැත. නායකයින් සිටියා නම් ඔවුන් නායක කම් කළේ කුඩා පිරිසකට ය. එක ගෝත්‍රයකට ය. එක වාර්ගික කණ්ඩායමකට ය. එක පන්තියකට ය. එක පැලැන්තියකට ය. එක සමාජ කණ්ඩායමකට ය.
රාජපක්ෂලා පිරවූයේ ඒ මහා රික්තය ය. ඒ රටට නායකත්වය දීමෙන් නොවේ. බහුතරයක් වූ ඊනියා සිංහල බෞද්ධයින්ගේ ගැලවුම් කාරයා ලෙස පෙනී සිටීමෙන් ය. උන්ගේ හැගීම් අවුලුවා ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමෙන් ය. ඔවුන්ගේ කපටි ආරක්ෂකයා විමෙන් ය. අප්පච්චී වීමෙන් ය.
අප්පච්චීලා කළේ නොකළ යුතු දේ පමණ ය. අවසානයේ ප්‍රතිඵල එන විට පෙරහැර ගොස් තිබුණේ ය. තමන් විසින් පූජාසනයේ සිටුවන ලද අප්පච්චීලා සියල්ල බිමට ඇද දමන්නට ජනතාව ඉදිරිපත් වන විට විය යුතු හරිය සිදු ව තිබුනේ ය. රට නැවත ගොඩ ගැනීමට නොහැකි ලෙස පල්ලමකට තල්ලු වෙමින් පැවතියේ ය. මිනිසුන්ට තෙල් හිඟවන තරමට අරගලයට තෙල් ලැබුනේ ය. නැවත නොහැරෙන තැනකට තල්ලු කරනු ලැබූ අරගලය විසින් අවසානයේ ඊනියා ගැලවුම් කරුවන් ඉවත් කරනු ලැබ තිබේ.

දැන් නැවතත් මහා රික්තය මතු ව තිබේ. අරගලයේ දෙවැනි පියවර පළමු පියවර තරම් භයානක නැති බව ඇත්ත ය. එහෙත් එය පළමු පියවර තරමට සරල නැත. ජාතියක් හැටියට අපේ හැකියාව උරගා බලනු ඇත්තේ මේ පියවරේ දී ය. අප දිගින් දිගට කීවේ මේ පියවර කල් ඇතුව ගන්නා ලෙස ය. එහෙත් එය පමා කරනු ලැබීම ය. ජූලි 13 දාට පසු එය තවදුරටත් පමා කළ නොහැකි ලෙස අප ඉදිරියේ මතුවන්නේ ය. රටක් හැටියට අප ඊට සූදානම් ද?
නිශාන්ත කමලදාස