සර්ව පාක්ෂික ආණ්ඩු සාකච්ඡාවේ දී සරත් ෆොන්සේකාගෙන් බාල්දියක්

  සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගය අතර අද පැවති සාකච්ඡාවේ දී සජබ සභාපති සරත් ෆොන්සේකා මහතා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අනෙක් පක්ෂ නායකයින් අපහසුතාවයට පත් කරමින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එරෙහිව අදහස් ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. තමන් සාකච්ඡාවට පැමිණියේ ධනාත්මක ආකල්පයකින් බව සජිත් ප්‍රේමදාස මහතා…

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු ගාලු මෝදරින් ඉවත්වෙති.

  සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ එකමුතුව සංවිධානය ද ගාලු මෝදර අරගල භූමියෙන් අද ඉවත්ව ගියේ ය. අරගලයේ ආරම්භයේ සිට විශාල කාර්ය භාරයක් ඉටුකළ එම සංවිධානය අද ප්‍රකාශ කළේ අරගලය ඉදිරියටත් ක්‍රියාත්මක වන නමුත් ගාලු මෝදර පිටියේ මෙහෙයුම අවසන් කරන බවයි. කළු තොප්පි ව්‍යාපාරය, ලිබරල් සහෝදරත්වය ඇතුළු සංවිධාන ගණනාවක් මීට පෙර ගාලු මෝදර අරගල භූමියෙන් ඉවත්ව ගියේ…

සති අන්තයේ විදුලි කප්පාදුවක් නෑ

  එළඹෙන සති අන්තයෙ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. ඒ අනුව හෙට (6) සහ අනිද්දා (7) විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවන බව රත්නායක මහතා වැඩිදුරටත් කීය.

පූර්ණ සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ සහිත ජාතික සැලැස්මක් හදන්න ස්වාධීන ජන සභාවක්

  පූර්ණ සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ සහිත ජාතික සැලැස්මක් හදන්න ස්වාධීන ජන සභාවක් පිහිටුවනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පවසයි ; සර්ව පාක්ෂික ආණ්ඩුවකට සියලු පක්ෂවලට ඇරියුම් ; දේශපාලන පක්ෂ නායකයන්ගෙන් යුත් ජාතික සභාවක් පිහිටුවනවා ; ජනපති ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජ කෙනකු හෝ දෙවි කෙනකු නොවිය යුතුයි ; ජනාධිපතිවරයා වෙත අතීත…

ගෑස් පෝලිම් නැවත ඇතිවෙන්නේ නැහැ ; හෙට සිට මිලත් අඩුවෙයි – ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්

  ගෑස් පෝලිම් නැවත ඇති නොවන බවත්, හෙට සිට ගෑස් මිල ද මිල සුත්‍රයට අනුව අඩුවනු ඇති බවත්, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි. ගෑස් මිලෙහි අඩුවීමක් හෙට දිනයේ ස්ථිර වශයෙන් ම සිදුවනු ඇති බව ඒ මහතා කියයි. ඔක්තෝබර දක්වා ඉදිරි කාලය සඳහා අවශ්‍ය ගෑස් තොග ඇනවුම් කොට ඇති බවත්, එම තොග…

විදුලි කැපීම පැයකට අඩුවෙයි

  හෙට දිනයේ විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි. ඒ අනුව සියලු ප්රෙදේශ සඳහා රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට: පිටකොටුව වෙළඳ සංගමය කියයි

  පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු තොග මිල  රුපියල් 410ක් ලෙසත්, රුපියල් 330ක් පැවති සීනි තොග මිල රුපියල් 270 ක් ලෙසත්, රුපියල් 215 ක් ව…

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමන වැඩිකළ කතාව බොරු

මන්ත්‍රීවරුන්ට ලබාදෙන ඉන්ධන දීමනාව විශාල ලෙස වැඩිකර ඇති බවට පළ වූ පුවත කිසිදු පදනමක් නැති අසත්‍ය පුවතක් බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියයි. මෙම පුවත ගැන අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ ගැන විමසීමක් කළ බවත්, මුදල් අමාත්‍යංශය හෝ පාර්ලිමේන්තුව හෝ එබඳු කිසිදු අදහසක් හෝ ඉදිරිපත් කොට නැති බව එහි දී හෙළි වූ බවත්, කියති. මන්ත්‍රීවරුන්ට…

ජනපතිගේ දර්ශනයට එකඟයි ; කෙටි කලකට හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඕනෑ – ආචාර්ය හර්ෂ ද සිල්වා

  රාජාසන කතාව මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ දර්ශනයට තමා ද එකඟ වන බවත්, කෙටි කලකට හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම අවශ්‍ය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. ජනාධිපතිතුමාගේ දර්ශනය තමාගේ ද දර්ශනය බව කියන ඒ මහතා අපනයන වර්ධනයට යොමු වූ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් රටට අවශ්‍ය…

ජාතික ප්‍රතිපත්ති මත හැදෙන ජාතික ආණ්ඩුවකට අපි සහාය දෙනවා – දෙමළ සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්

  ජාතික ප්‍රතිපත්ති මත ගොඩනැගෙන ජාතික ආණ්ඩුවකට ද සහය දීමට දෙමළ ජාතික සන්ධානය සුදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම ඒ සුමන්දිරන මහතා ප්‍රකාශ කරයි. ඊයේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිතුමා කළ රාජාසන කතාව පිලිබදව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කී ය. “ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාව හොඳයි. එතුමාගේ යෝජිත ජාතික සභාව තුළින් ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන්…

ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දර්ශනය අපෙත් දර්ශනයයි – සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න

  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් දර්ශනය තමයි අපෙත් දර්ශනය එදා ඉඳලාම. ඒ නිසා තමයි අපට ඒ කාලයේ වෙඩි කන්න වුණේ. ජනාධිපතිවරයා කළ කථාවේ වැඩපිළිවෙළ කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මේ වැඩපිළිවෙළ සඳහා උදව් කරන එක සම්බන්ධයෙන් අපි පක්ෂයක් විදියට ඉදිරියේදී කතා කරනවා. ඊයේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාවෙන් පසු මාධ්‍ය අමතා ඒ…

ජනාධිපතිතුමාගේ කථාව ධනාත්මකයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

  සමස්ත කතාව ඇසුවාම ධනාත්මක හරාත්මක කතාවක්. දේශපාලනයේ කථා කිරීම හා ක්‍රියාව අතර ලොකු පරතරයක් තිබෙනවා. සමස්තයක් විදියට කථාවේ අඩංගු වූ කරුණු ධනාත්මකයි. කථාවෙන් කී දේ යථාර්ථයක් වේ යැයි හිතමු. සර්ව පාක්ෂික ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු අයුරු ගැන මෙහි ප්‍රතිපාදන සකස් වෙලා තිබෙනවා. එය සාධනීය කරුණක්. පක්ෂ නායකයන්ගෙන් සමන්විත සභාවක් හරහා කටයුතු කිරීම, පොදු…