මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමන වැඩිකළ කතාව බොරු
මන්ත්‍රීවරුන්ට ලබාදෙන ඉන්ධන දීමනාව විශාල ලෙස වැඩිකර ඇති බවට පළ වූ පුවත කිසිදු පදනමක් නැති අසත්‍ය පුවතක් බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියයි.
මෙම පුවත ගැන අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ ගැන විමසීමක් කළ බවත්, මුදල් අමාත්‍යංශය හෝ පාර්ලිමේන්තුව හෝ එබඳු කිසිදු අදහසක් හෝ ඉදිරිපත් කොට නැති බව එහි දී හෙළි වූ බවත්, කියති.
මන්ත්‍රීවරුන්ට කලින් ලැබුණු ඉන්ධන කෝටාව ඒ ආකාරයෙන් ම ලැබෙන බවත් එහි කිසිදු වෙනසක් කොට නැති බවත්, එම ආරංචි මාර්ග තහවුරු කරයි.
