ජනපතිගේ දර්ශනයට එකඟයි ; කෙටි කලකට හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඕනෑ – ආචාර්ය හර්ෂ ද සිල්වා

රාජාසන කතාව මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ දර්ශනයට තමා ද එකඟ වන බවත්, කෙටි කලකට හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම අවශ්‍ය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.
ජනාධිපතිතුමාගේ දර්ශනය තමාගේ ද දර්ශනය බව කියන ඒ මහතා අපනයන වර්ධනයට යොමු වූ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් රටට අවශ්‍ය බව ද කියයි.
ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකශය ගැන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ.
