ජාතික ප්‍රතිපත්ති මත හැදෙන ජාතික ආණ්ඩුවකට අපි සහාය දෙනවා – දෙමළ සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්

ජාතික ප්‍රතිපත්ති මත ගොඩනැගෙන ජාතික ආණ්ඩුවකට ද සහය දීමට දෙමළ ජාතික සන්ධානය සුදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම ඒ සුමන්දිරන මහතා ප්‍රකාශ කරයි.
ඊයේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිතුමා කළ රාජාසන කතාව පිලිබදව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කී ය.
“ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාව හොඳයි. එතුමාගේ යෝජිත ජාතික සභාව තුළින් ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගන්නා තීරණවලට අප සහාය දෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාව හදා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ සඳහා ද අපි සහාය දෙනවා. සර්වපාක්ෂික ජාතික වැඩපිළිවෙළක් හැදීමට අපි සහාය දෙනවා.”
