සර්ව පාක්ෂික ආණ්ඩු සාකච්ඡාවේ දී සරත් ෆොන්සේකාගෙන් බාල්දියක්

 

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගය අතර අද පැවති සාකච්ඡාවේ දී සජබ සභාපති සරත් ෆොන්සේකා මහතා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අනෙක් පක්ෂ නායකයින් අපහසුතාවයට පත් කරමින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එරෙහිව අදහස් ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

තමන් සාකච්ඡාවට පැමිණියේ ධනාත්මක ආකල්පයකින් බව සජිත් ප්‍රේමදාස මහතා එහි දී ප්‍රකාශ කළ අතර සියලු දෙනා කතා කළේ සර්ව පාක්ෂික වැඩ සටහනක් සාර්ථක කරගන්න ආකාරය ගැන ය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් වැඩක් නැති බව ඒ අවස්ථාවේ සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂයේ සෙසු නායකයින් සියලු දෙනා අපහසුතාවයට පත් කරමිනි.

කෙසේ වෙතත්, සරත් ෆොන්සේකා මහතගේ අදහස් නොතකා අනෙක් කණ්ඩායම සර්ව පාක්ෂික වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට එකඟත්වය ප්‍රකාශ කොට තිබේ.

මෙම වැඩ පිළිවෙල සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට අකමැති නම් සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කොට ඇති අතර එම අදහසට ද සමගි ජන බලවේගයේ බහුතර මන්ත්‍රී පිරිසකගේ ප්‍රසාදය හිමි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *