ගෑස් පෝලිම් නැවත ඇතිවෙන්නේ නැහැ ; හෙට සිට මිලත් අඩුවෙයි – ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්

 

ගෑස් පෝලිම් නැවත ඇති නොවන බවත්, හෙට සිට ගෑස් මිල ද මිල සුත්‍රයට අනුව අඩුවනු ඇති බවත්, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි.

ගෑස් මිලෙහි අඩුවීමක් හෙට දිනයේ ස්ථිර වශයෙන් ම සිදුවනු ඇති බව ඒ මහතා කියයි.

ඔක්තෝබර දක්වා ඉදිරි කාලය සඳහා අවශ්‍ය ගෑස් තොග ඇනවුම් කොට ඇති බවත්, එම තොග නිතිපතා ලැබෙනු ඇති බවත්, ඒ අනුව ගෑස් පෝලිම් නැවත ඇති නොවන බවත්, ඒ මහතා වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *