ශ්‍රීලනිප හයකට රාජ්‍ය ඇමති ධුර

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකුට රාජ්‍ය ඇමති ධුර හිමි වී තිබේ. ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, සුරේෂ් රාඝවන් , ශාන්ත බණ්ඩාර සහ රන්ජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරු රාජ්‍ය ඇමතිවරු ලෙස අද දිවුරුම් දුන්හ. මේ වනවිට ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර මහත්වරුන් කැබිනට් ඇමතිවරුන් ලෙස කටයුතු කරති.

රාජ්‍ය ඇමතිවරු 37 ක් දිවුරුම් දෙති

රාජ්‍ය ඇමතිවරු 37 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ එම රාජ්‍ය ඇමතිවරුන් සහ ඔවුන්ගේ අමාත්‍යංශ මෙසේ ය.

අරගලයේ සිටි රංගන ශිල්පිනී දමිතා අත්අඩංගුවට ගනියි

  ගෝල්ෆේස් අරගලයට දිගට ම සම්බන්ධව සිටි, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළි දමිතා අබේරත්න  අත්අඩංගුවට ගත් බව  කොළඹ උතුරු උතුර අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කරයි. බත්තරමුල්ල පොල්දූව හංදියේ සංවිධානය කළ සත්‍යග්‍රහය අතරතුර ඇයව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි. ජනාධිපති කාර්යාලයට බලාත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇතැයි කියති.  

රාජ්‍ය ඇමතිවරු 36ක් හෙට දිවුරුම් දෙති

  රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. අදාල රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ධුර ප්‍රදානය කරන ආකාරය පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇති බව කියති..රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව තිහකට සීමා කිරීමට කලින්…

ජාතික සභා යෝජනාවට පක්ෂ නායකයින්ගේ අනුමැතිය

  රටේ ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා ජාතික සභාවක් පිහිටුවීමට අදාළ යෝජනාව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (7) පැවති පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී අනුමත කොටතිබේ. පක්ෂ නායක අනුමැතිය ලත් ජාතික සභාව පිහිටුවීමට අදාළ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය කර ඇත. මේ අනුව කතානායකවරයා ජාතික සභාවේ…

රට ගොඩනගන දෙවන අරගලය අරඹනවා – එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  පළවෙනි අරගලය ඉවර වුවද රට ගොඩ නගන දෙවන අරගලය  ආරම්භ කරන බව ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් අද (6)පැවසීය. දහඩියෙන් මහන්සියෙන් සියලුම දෙනා එක්ව යළිත්  රට ගොඩ ගන්නා බව  බය නැතිව ප්‍රකාශ කරන බව කී ජනාධිපතිවරයා සජබෙ, පොහොට්ටුව,ජවිපෙ , දෙමළ සන්ධානය,එජාපය, එක මවකගේ…

ඇමතිවරුන් පත්කිරීමේ බලය ජනපතිගෙන් ඉවත් කරන්න ජනමත විචාරණයක් ඕනෑ !

  ඇමතිවරුන් පත්කිරීමේ බලය ජනාධිපතිගෙන් ඉවත් කොට අගමැතිගේ උපදෙස් මත පත්කළ යුතු බවට වන වගන්තිය ඒ අයුරින් සම්මත කර ගන්නේ නම් ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවෙන් පෙන්වා දී ඇති බව වාර් තා වෙයි. ඒ අනුව නිගමනය වී ඇත්තේ ජනාධිපතිගේ එම බලය ඉවත් කළ නොහැකි බව යැයි තතු දත් අංහ කියයි. ශ්‍රේෂ්ටාධිකරණය පෙන්වා දෙන්නේ අගමැති…

විසිදෙකේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

  විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා  සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති  විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු  බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. කතානායකවරයා මෙම දැනුම්දීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය. (සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න) ලංකාදීප

අයි එම් එෆ් ගිවිසුම් පාර් ලිමෙන්තුවට දීමේ සම්ප්‍රදායක් නැහැ – මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම් පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායක් නැති බවත්, මීට පෙර 16 වතාවක් මෙබඳු ගිවිසුම් ඇති කරගත් නමුත්, තමා දන්නා පරිදි ඒ කිසිදු අවස්ථාවක පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කොට නැති බවත්, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියයි. ඒ මහතා මේ බව  ප්‍රකාශ කොට ඇත්තේ රාජ්‍ය මුදල් කමිටු සභාපති අචාර් ය ර්හෂ ද…

|

අයි එම් එෆ් ගිවිසුම පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතුයි – මුදල් කමිටු සභාපති ආචාර් ය ර්හෂ ද සිල්වා

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය අත්සන් කළ ගිවිසුම පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති ආචාර් ය ර්හෂ ද සිල්වා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේය. කිසිසේත් ක්‍රියාත්මක කළ නොහැකි ඉලක්ක සඳහා රජය මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බව ඒ මහතා කියයි. 2026 වන විට ජංගම ගිණුමේ සියයට…

ශ්‍රීලනිප ප්‍රබලයෝ මෛත්‍රීට එරෙහිව කැරැල්ලක !

  පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවෙන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි බලයක් පවරා ගැනීමට එරහිව පක්ෂයේ ප්‍රබලයින් නැගී සිටින තත්ත්වයක් වර්ධනය වී ඇති බව වාර් තා  වෙයි. පක්ෂ සමුළුවත් සමග පැවැත් වූ පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනය මගින් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙතෙක් නොතිබූ අසීමිත බලයක් හිමිවන බව…

කිසිවක් නැති රනිල් ජනාධිපති වුණාට බොහෝ දෙනා ඉන්නේ ඉරිසියාවෙන්, වෛරයෙන් – නව ලංකා නිදහස් පක්ෂ සභාපති කුමාර වෙල්ගම

කිසිවක් නොතිබූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම ගැන බොහෝ දෙනා ඉන්නේ ඉරිසියාවෙන් සහ වෛරයෙන් බව නව ලංකා  නිදහස් පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය. කිසිවක් නොතිබූ රනිල් ජනාධිපති වූ බවත්, ආසන තුනක් ඇති දෙනේෂ් අගමැති වූ බවත්, ජනවරම ලැබුණු තමන්ට සියල්ල අහිමි වූ බවත් සිතන උදවිය ඉන්නේ දැඩි වෛරයකින් බවත්, ඒ බව…