අයි එම් එෆ් ගිවිසුම් පාර් ලිමෙන්තුවට දීමේ සම්ප්‍රදායක් නැහැ – මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම් පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායක් නැති බවත්, මීට පෙර 16 වතාවක් මෙබඳු ගිවිසුම් ඇති කරගත් නමුත්, තමා දන්නා පරිදි ඒ කිසිදු අවස්ථාවක පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කොට නැති බවත්, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියයි. ඒ මහතා මේ බව  ප්‍රකාශ කොට ඇත්තේ රාජ්‍ය මුදල් කමිටු සභාපති අචාර් ය ර්හෂ ද සිල්වා මහතා කළ ප්‍රකාශයක් ගැන මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමිණි.

මේ අවස්ථාවේ සිදුවන්නේ මුල්‍ය අරමුදල සමග මුදල් ඇමතිවරයා අවබෝධතා ගිවිසුමකට එළඹීම පමණක් බවත්, එය කැබිනට් මණ්ඩලයට වත් ඉදිරිපත් කළ යුතු නැති බවත්, මහ බැංකු අධිපතිවරයා කියයි. කෙසේ වෙතත්, එලෙස ඇතිකරගන්නා අවබෝධතා ගිවිසුමේ අඩංගු බදු යෝජනා ආදිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ, පාර් ලිමෙන්තුවට බවත්, එම අවස්ථාවේ ඒවා සලකා බලා සම්මත කිරීමේ අවස්ථාව පාර් ලිමෙන්තුවට හිමිවන බවත්, ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.

තොරතුරු හෙළි කිරීම විනිවිදභාවය අනුව යහපත් වුව ද, මෙබඳු අවබෝධතා ගිවිසුමක වෙළෙඳපොළ සංවේදී කරුණු අඩංගු විය හැකි බවත්, එම කරුණු කල් තබා හෙළි වීම හානිකර බවත්, ආචාර් ය වීරසිංහ මහතා පවසයි.

විශේෂයෙන් බදු සංශෝධන වැනි කරුණු හෙළි කළ නොහැකි බවත්, මේ අවස්ථාවේ ධන බද්දක් ගැන ද මුල්‍ය අරමුදල කතා කොට ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *