අයි එම් එෆ් ගිවිසුම පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතුයි – මුදල් කමිටු සභාපති ආචාර් ය ර්හෂ ද සිල්වා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය අත්සන් කළ ගිවිසුම පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති ආචාර් ය ර්හෂ ද සිල්වා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේය.
කිසිසේත් ක්‍රියාත්මක කළ නොහැකි ඉලක්ක සඳහා රජය මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බව ඒ මහතා කියයි. 2026 වන විට ජංගම ගිණුමේ සියයට 2.3 ක අතිරික්තයක් පවත්වා ගන්න බවට රජය පොරොන්දු වී ඇතත්, එය කිසිසේත් යථාර්තවාදී නැත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද විශාල අභියෝගයකි. මේ ඉලක්ක සපුරා ගන්න ආකාරය රජය පාර් ලිමෙන්තුවට හෙළි කළ යුතු බව ආචාර් ය ද සිල්වා මහතා කියයි.
මුදල් බලය ඇත්තේ පාර් ලිමෙන්තුවට බවත්, ඒ අනුව මෙම තොරතුරු ලබා ගැනීමට මුදල් කමිටු සභාපති ලෙස තමා කටයුතු කරන බවත්, ආචාර් ය ර්හෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
