ශ්‍රීලනිප ප්‍රබලයෝ මෛත්‍රීට එරෙහිව කැරැල්ලක !

 

පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවෙන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි බලයක් පවරා ගැනීමට එරහිව පක්ෂයේ ප්‍රබලයින් නැගී සිටින තත්ත්වයක් වර්ධනය වී ඇති බව වාර් තා  වෙයි. පක්ෂ සමුළුවත් සමග පැවැත් වූ පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනය මගින් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙතෙක් නොතිබූ අසීමිත බලයක් හිමිවන බව කියමින් මෙම ගැටුම් උත්සන්න වී තිබේ.

පක්ෂයේ ජෙෂ්ට උප සභාපතිවරුන් වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර, පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර ආදීහු මෙම කැරැල්ලේ පෙරමුණ ගෙන සිටිති.

පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ දී ඉහත කී ව්‍යවස්ථා සංශෝධනයට ඡන්ද විමසන විට මෙම පක්ෂ නිලධාරීන් එයට ඡන්දය නොදීම කැපී පෙනෙන සිදුවීමක් වී තිබිණී.

ආණ්ඩුවේ ඇමති ධුර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වුව ද එසේ කරන්නට ගිය හොත් පක්ෂයේ බරපතළ බෙදී යාමක් වැළක්විය නොහැකි වන බව තතු දත් ආරංචි මාර් ග  කියයි.

පක්ෂයේ සභාපති තනතුරින් මෛත්‍රීපාල සිරිසේන මහතා  ඉවත්කිරීමේ උත්සහයක් පිළිබඳව ද ආරංචි පැතිරයමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *