ඩොනල්ඩ් ට්‍රම්ප් ධනරින අමතයි
ධනරින මහතාට දිස්සියේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කතා කළේ, ‘බැඳුම්කර වංචාව’ කරණකොට ගෙන සිද්ධවෙච්ච අලාභය ශාස්ත්‍රිය පදනමක් යටතේ, ආර්ථිකවිද්යාඥයන්, ගණකාධිකාරිවරුන්, මූල්‍ය ක්ෂේත්රයේ විහේෂඥයන් වැනි අය විසින් අවස්ථික පදනමක් යටතේ ගණනය කරන ඇමරිකා එක්සත් ජනපදයෙ විශ්ව විද්‍යාල මහාචාර්වරයකු ගැන ඉරිදා පත්තරයකට ඔහු කියා තිබුණු බැවිනි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙතෙක් දැන සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන වල පවා බැඳුම්කර අලාභය ගණනය කරන්නට නිසි ක්‍රමවේදයක් දන්නා විශේෂඥයන් නොමැති බවයි. එවැනි තත්ත්වයක් තුළ තමන්ගේ රටේ විශ්ව විද්‍යාලයක මහාචාර්වරයකුට ඒ පිළිබඳ විශේෂඥදැනුමක් ඇති බව ධනරින ගෙන් දැනගන්නට ලැබීම ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට මහත් සතුටක් විය. එසේම ධනරින ඒ ගැන හෙළිරව් කරන තුරු ඇමරිකානු රහස් ඔත්තු සේවාවලටවත් ඒ ගැන දැනගන්නට බැරි වීම ගැන ට්‍රම්ප් මහතාට තිබුණේ එක අතකින් කෝපයකි අනෙත් අතින් ලැජ්ජාවකි. ධනරිනට කතා කරන විට පවා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලේන්සුවකින් මුහුණ වසාගෙන සිටියේ ලැජ්ජාව නිසා ම ය.
ඩොලන්ඩ් ට්‍රම්ප් මහතා බැඳුම්කර ගනුදෙනුවල පාඩුව එතරම් හොඳින් ගණනය කරන ඇමරිකානු විශේෂඥයා කවුද කියා ඇසූවිට ධනරින කීවේ, මෙරට බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට තමා දුන්නායැයි කියූ පිළිතුරම, එනම්, ‘පවතින් තත්ත්වයක් තුළ නම කියන්න බැහැ’ කියාය.
පවතින තත්ත්වය යනුවෙන් අදහස් කළේ කුමක්ද කියා එවිට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇසුවේ, ධනරින එයින් අදහස් කළේ ඇමරිකාවේ පවතින තත්ත්වයද? නැති නම් ලංකාවේ පවතින තත්ත්වයක්ද එසේත් නැති නම් ලෝකයේ අඟහරු ලෝකයේ හෝ නෙප්චූන්, යුරේනස්, ප්ලුටෝ වැනි වෙනත් ග්‍රහලෝකයක පවතින තත්ත්වයක් දැයි එකවරම සිතාගන්නට නොහැකි නිසාය.
එවිට ධනරින වහා පිළිතුරු දුන්නේ ඇමරිකාවේවත් ලෝකයෙවත් අඟහරුලෝකයේවත් නොව ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයක් නිසා අදාළ මහාචාර්වරයාගේ නම හෙළිදරව් කළ නොහැකිය කියාය.
ලංකාවේ පවතින තත්ත්වය යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි එවිට ට්‍රම්ප් මහතා ඇසුවේය.
‘ඔකනේ කියන්නේ ඔබ තුමාට කාලින දේශපාලන ප්‍රශ්න ගැන අවබෝධය මදි’ ධනරින කීවේය.
‘මෙතන පරීක්ෂා කරල වාර්තාවක් ඉදිරිපත් කරල තියෙන්නේ මර්ජුන අහේන්ද්රනුයි. රවි කරුණානායකයි සම්බන්ධ වුණා කියල අපි චෝදනා කරපු බැඳුම්කර වංචා ගැන විතරයි. මේ වාර්තාවේ තියනව කියන කරුණු අනුව බැංකුවලට, අර්ථසාධක අරමුදලට පාඩුවක් වෙලා තියනව නම් මර්ජුන අහේන්ද්රලගෙන් එක අයකරගන්න පුළුවන්ලු. අපේ කබර රාල ලොක්ක බැංකු අධිපතිකම් කොරපු කාලෙ එක දෙකක් නෙමයි, සාටක රජ්ජුරුවන්ගෙයි, පවුලෙ අයගෙයි මේ අපේ ඉහේ කෙස් ගාණයත් ටිකක් වැඩියෙන් බැඳුම්කර වංචා වෙලා තියන බව අපි සහ සුද්දෙන්ම දන්නව. එහෙම තත්ත්වයක් පවතින තත්ත්වයක් තුළ අදාළ මහාචාර්ය වරයගෙ නම හෙළි කළොත් අපිට වැටෙන නඩුවලට වන්දි ගෙවන්න හෙජින් වලින් ගහපු සල්ලි, හෙල්පින් හම්න්තොට සල්ලි, සුනාමි සල්ලි, ඩේසි ආච්චිගෙ මැණික් මල්ලෙ සල්ලි මෙකී නොකී සල්ලි එකතු කරල අපේ අමුඩ ටිකත් වික්කත් බැරිවෙනව. ඒ නිසා පවතින තත්ත්වය යටතේ අදාළ මහාචාර්යවරයගෙ නම හෙළිකරන්න බැහැ’ ධනරින කීවේය.
අඩුම තරමින් මහාචාර්යවරයා වැඩකරන විශ්ව විද්‍යාලයේ නමවත් කියන්න බැරිදැයි ට්‍රම්ප් මහතා අසුවේ තමන්ගේ රටේ සිටින එතරම් දක්ෂ පුද්ගලයා කවුරුන්ද යන වග විශ්වවිද්‍යාල පද්ධතිය හරහාවත් සොයාගත හැකි වනු ඇතිය යන බලාපොරොත්තුවෙන් යුතුවය.
‘පවතින තත්ත්වය අනුව විශ්වවිද්‍යාලෙ නම කියන්නත් අමාරුයි’
පවතින තත්ත්වය කියා නැවතතත් අදහස් කරන්නේ කුමක්දැයි එවිට ට්‍රම්ප් මහතා ඇසුවේය.
එවිට ධනරින කීවේ ඇත්තේන්ම අදාළ මහාචාර්වරයා සේවය කරන විශ්ව විද්‍යාලය තවමත් ආරම්භ කර නොමැති බවය. එම විශ්ව විද්‍යාලය ආරම්භ කළ දිනයක, සාටක රජතුමා මෙරට පාසල්වල පරිගණක කාමර වලට සාටකෝදය පරිගණක කාමර කියා නම තැබුවාසේ ට්‍රම්ප් මහතාටද එම විශ්ව විද්‍යාලයට ට්රම්පෝදය විශ්වවිද්‍යාලය කියා නම තැබීමේ අවස්ථාව ඇති බවද ධනරින ඇමරිකාවේ ජනාධිපතිවරයාට මතක්කර දුන්නේය.
අදාළ මහාචාර්යවරයා සොයාගෙන ඇත්තේ බැඳුම්කර වංචාවල අලාභය ශාස්ත්‍රීය පදනමක් මත ආවස්ථික පදනමක් යටතේ ගණනය කිරිමේ ක්‍රමය පමණක්ද කියා එවර ට්‍රම්ප් මහතා ඇසුවේය.
‘අපෝ නැහැ. එයා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන තවත් ලොකුම සොයා ගැනීමක් කළා. ඒ සොයා ගැනීම මම අපේ ආණ්ඩුව කාලෙ අපේ රටටත් ඉදිරිපත් කළා’ ධනරින වහා කීවේය.
ඒ කවර සොයා ගැනීමක් දැයි ට්‍රම්ප් මහතා ඇසූවිට ධන රින කීවේ, රුපියක් 2500/-න් මාසයක් කන සූත්තරය සොයා ගත්තේ අදාළ මහාචාර්යවරායාම බවයි.
එවැනි වැදගත් සොයා ගැනීමක් කළ මහාචාර්ය වරයා ඇඩම් ස්මිත් ගේ ගෝලයෙක් ද? ඩේව්ඩි රිකාඩෝගේ ගෝලයෙක් ද? කාල්මාක්ස් ගේ ගෝලයෙක්ද? ජෝජ් සොරස් ගේ ගෝලයෙක්ද?
කියා ට්‍රම්ප් මහතා ඇසූවිට ධනරින කීවේ, නැත ඔහු සක්රයාගේ පුතා වයිමා ගේ එදම ගෝලයාය කියාය.
නරසිංහ
