ඇමතිවරුන් පත්කිරීමේ බලය ජනපතිගෙන් ඉවත් කරන්න ජනමත විචාරණයක් ඕනෑ !

 

ඇමතිවරුන් පත්කිරීමේ බලය ජනාධිපතිගෙන් ඉවත් කොට අගමැතිගේ උපදෙස් මත පත්කළ යුතු බවට වන වගන්තිය ඒ අයුරින් සම්මත කර ගන්නේ නම් ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවෙන් පෙන්වා දී ඇති බව වාර් තා වෙයි.

ඒ අනුව නිගමනය වී ඇත්තේ ජනාධිපතිගේ එම බලය ඉවත් කළ නොහැකි බව යැයි තතු දත් අංහ කියයි.

ශ්‍රේෂ්ටාධිකරණය පෙන්වා දෙන්නේ අගමැති සමග සාකච්ඡා කොට ඇමතිවරුන් පත් කිරීමේ බලය ජනාධිපති සතු විය යුතු බවයි.

මෙබඳු තවත් සංශෝධන ගණනාවක් ශ්‍රේෂ්ටාධිකරණය 22 වැනි සංශෝධනය ගැන දුන් තීන්දුවේ සඳහන් කොට තිබේ.

එම සංශෝධන ඇතුළත් කළ හොත් 22 වැනි සංශෝධනය පාර් ලිමෙන්තුවේ තුනෙන් දෙකක් විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *