අදත් (17 ) කොවිඩ් ආසාදිතයින් 749 ක් ; තුන්වන රැල්ලක් ගැන සැකයක්

අදත් (17 ) කොවිඩ් ආසාදිතයින් 749 ක් ; තුන්වන රැල්ලක් ගැන සැකයක්

අද දිනය තවත් කොවිඩ් 19 ආසාදිතයින් 749 දෙනෙකු අලුතින් හඳුනාගනු ලබා ඇත. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ ඇරඹුණු කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 49,274 ක් දක්වා ඉහල ගියේ ය. මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 53,141 ක් ලෙස සටහන් වෙයි. පසුගිය සතියේ කොවිඩ් ආසාදිත සංඛ්‍යා වැඩිවීමත් සමග  කොවිඩ්  තුන්වන රැල්ලක් ආරම්භ වී ඇත්දැයි සෞඛ්‍ය අංශවල…

තවත් කොවිඩ් මරණ අටක් ; බහුතරය කොළඹින් පිට

කොවිඩ් ආසාදිත මරණ අටක් අද දිනයේ වාර්තා වී ඇත . කොළඹ ආසන්නයේ බොරැල්ල, කොලොන්නාව, සහ දෙහිවල ප්‍රදේශවලින් මරණ තුනක් වාර්තා වී තිබේ. අනෙක් පස්දෙනා කොළඹින් පිට ප්‍රදේශවලින් වාර්තා වී ඇත. වැඩි ම සංඛ්‍යාවක් වන මරණ තුනක් පොළොන්නරුවෙන් වාර්තා වී තිබේ . අනෙක් මරණ දෙක වාර්තා වන්නේ උදුපුස්ඇල්ලාව සහ කෑගල්ල ප්‍රදේශවලිනි. ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා…

ආරක්ෂක ලේකම්  ගෝඨාභයගේ කාලයේ මානව හිමිකම් කඩවීම් හොයන්න ජනාධිපති ගෝඨාභයගෙන් කොමිසමක්

ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ කාලයේ මානව හිමිකම් කඩවීම් හොයන්න ජනාධිපති ගෝඨාභයගෙන් කොමිසමක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ යුද්ධයේ අවසන් කාලයේ සිදු වූ බවට චෝදනා නැගී ඇති මානව හිමිකම් කඩවීම් පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීම සඳහා පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි . මෙම කරුණ සම්බන්ධයෙන් මෙතෙක් සිදු වී ඇති පරීක්ෂණවල දී සොයාගත් කරුණු යලි සමාලෝචනය කිරීම…

චම්පිකගේ නායකත්වයෙන් 43 වන සේනාංකය කරළියට

  පුරවැසි ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති 43 වන සේනාංකය එළි දැක්වීමේ උත්සවය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාලුමුවදොර හෝටලයේදී අද (17) සිදු කෙරිණ. මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කර ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සාමාජික නව ජීවනයක් අත්පත් කර ගැනීමේ සමාජ ප‍්‍රඥාව ගොඩනැගීමේ පුළුල් පුරවැසි ව්‍යාපාරයක් යන තේමාවෙන් එය ක‍්‍රියාවට නංවනු ලැබීය. සමෘද්ධිමත්…

ආණ්ඩු මාරුවක් නම් ඕනේ නැහැ මේ පාණ්ඩුව භාරගන්නවා කියන්නෙම කොරෝනා හැදුනා වගේ – රනිල් (VIDEO)

රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප්‍රදාන ලෙස ලබා දෙන්නැයි අපනයන ව්‍යාපාරිකයින්ගෙන් ආණ්ඩුව ඉල්ලා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ  (16) කොරෝනා තත්ත්වය ඇතුලු රටේ වත්මන් තත්ත්වය පිළිබද එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු තරුණ  පිරිසක් දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. නිදහස් සෞඛ්‍යයක් පවතින ආණ්ඩුවක්…

කොවිඩ් ආසාදිත සංඛ්‍යා යලි ඉහළට ; අද 715 ක් හඳුනාගෙන

කොවිඩ් ආසාදිත සංඛ්‍යා යලි ඉහළට ; අද 715 ක් හඳුනාගෙන

පසුගිය කාලයේ දිනපතා වාර්තාවන ආසාදිත සංඛ්‍යාවේ යම් අඩුවීමක් පෙන්නුම් කොට තිබුන ද , දින ගණනාවක් තිස්සේ යලි වැඩි වූ ආසාදිත සංඛ්‍යාව අද දිනයේ 715 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාවද මේ වනවිට 48,525 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 52,392 ක් දක්වා ඉහල ගොස් තිබේ.

අදත් කොවිඩ් මරණයක් ඇතුල්කෝට්ටෙන් වාර්තාවෙයි

කොවිඩ් ආසාදිත මරණයක් අද දිනයේ ද වාර්තා වී ඇත. අද මරණය වාර්තා වුයේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයෙනි. මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ  සංඛ්‍යාව 256 කි.

පාර්ලිමේන්තුවේ 20 කට කොවිඩ් ; 150 ක් නිරෝධායනයේ ; තත්ත්වය අවදානම්

පාර්ලිමේන්තුවේ 20 කට කොවිඩ් ; 150 ක් නිරෝධායනයේ ; තත්ත්වය අවදානම්

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සිදුකරන ලද පී සී ආර් පරීක්ෂණ මගින් මේ වනවිට 20 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගනු ලැබ ඇති බවත්, 150 කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමුකොට ඇති බවත් වාර්තා වෙයි. එමෙන් ම, ඇතැම්  ආසාදිතයන්ට රෝගය වැළඳී ඇත්තේ පාර්ලිමේන්තු ආපන ශාලාවකින් බවට තොරතුරු හෙළිදරව් වී ඇති බව ද දැනගන්නට ඇත. මේ නිසා පාර්ලිමේන්තුවෙන්…

ආණ්ඩුව දකුණු කොරියාවෙනුත් ණය ඉල්ලලා

මේ වනවිට මුහුණ දී සිටින මුදල් අර්බුදයට පිළිතුරු සොයමින් සිටින ආණ්ඩුව කොරියානු ජනරජයෙන් ( දකුණු කොරියාවෙන් ) ද ණය මුදලක් ලබා ගැනීමට ඉල්ලීම් කොට ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග මගින් දැනගන්නට ඇත. ඩොලර් මිලියන 500 ක් දකුණු කොරියාවෙන් ලබාගැනීම සඳහා ආණ්ඩුව ඉල්ලීම් කොට ඇති බවත්, මෙය ව්‍යාපෘති ණය මුදලක් ලෙස ලබාගැනීමට බලාපොරොත්තු වන බවත්…

කොවිඩ් ආසාදිත 683 ක් අදත් (15) හඳුනාගනී

කොවිඩ් ආසාදිත 683 ක් අදත් (15) හඳුනාගනී

කොවිඩ් 19 ආසාදිතයින් 683 දෙනකු අද දිනයේ ද අලුතින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව වත්මන් කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 47,810 ක් දක්වා ඉහළ ගොස් ඇත . මෙරටින් සොයාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 51,677 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සටහන් වෙයි.

තවත් කොවිඩ් මරණ හතරක්

තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(15) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. කොළඹ 10, කොළඹ 15, කිරිබත්ගොඩ සහ නාවලපිටිය ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී තිබේ . ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…

කාලි පැණිය පානය කළ කෑගල්ලේ පොහොට්ටු මන්ත්‍රී ඇතුළු පවුලේ හයට ම කොරෝනා

කාලි ආවේසයෙන් කොරෝනා නසන පැණියක් සකස් කළේ යැයි ප්‍රධාන රූපවාහිනී නාලිකා පවා ප්‍රචාරයක් ගෙනගිය කෑගල්ලේ ධම්මික නැමැත්තාගේ පැණිය පානය කළ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් 06 දෙනාටම කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ. මන්ත්‍රීවරයාට, ඔහුගේ බිරිඳට සහ 08 හැවිරිදි සිව් නිවුන් දරුවන්ට මෙලෙස වෛරසය ආසාදනයවී ඇති බව බුළුගහදෙණිය…