ආණ්ඩුව දකුණු කොරියාවෙනුත් ණය ඉල්ලලා
මේ වනවිට මුහුණ දී සිටින මුදල් අර්බුදයට පිළිතුරු සොයමින් සිටින ආණ්ඩුව කොරියානු ජනරජයෙන් ( දකුණු කොරියාවෙන් ) ද ණය මුදලක් ලබා ගැනීමට ඉල්ලීම් කොට ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග මගින් දැනගන්නට ඇත.
ඩොලර් මිලියන 500 ක් දකුණු කොරියාවෙන් ලබාගැනීම සඳහා ආණ්ඩුව ඉල්ලීම් කොට ඇති බවත්, මෙය ව්‍යාපෘති ණය මුදලක් ලෙස ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් අපේ ආරංචි මාර්ග කියයි.
ආණ්ඩුව මේ වනවිට චීනයෙන් ඩොලර් මිලියන 1500 ක් සහ ඉන්දියාවෙන් මිලියන 1000 ක් ඉල්ලා ඇත. කොරියාවෙන් මිලියන 500 ක් ඉල්ලා ඇත්තේ ඊට අමතර වශයෙනි.
ජපානයෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද තවත් ණය ලබාගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව ද දැනගන්නට ඇත.
