පාර්ලිමේන්තුවේ 20 කට කොවිඩ් ; 150 ක් නිරෝධායනයේ ; තත්ත්වය අවදානම්

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සිදුකරන ලද පී සී ආර් පරීක්ෂණ මගින් මේ වනවිට 20 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගනු ලැබ ඇති බවත්, 150 කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමුකොට ඇති බවත් වාර්තා වෙයි.

එමෙන් ම, ඇතැම්  ආසාදිතයන්ට රෝගය වැළඳී ඇත්තේ පාර්ලිමේන්තු ආපන ශාලාවකින් බවට තොරතුරු හෙළිදරව් වී ඇති බව ද දැනගන්නට ඇත.

මේ නිසා පාර්ලිමේන්තුවෙන් තවත් ආසාදිතයින් ඉදිරි කාලයේ හමුවීමට ඉඩ ඇති බවත් , තවමත් පවතින්නේ ඉතා අනතුරුදායක තත්ත්වයක් බවත් කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *