කොරෝනා රෝගී සංඛ්‍යාව 133 දක්වා ඉහලට
ඊයේ දිනයේ රෝගීන් 14ක් වාර්තා වීමත් සමග මෙරටින් හමු වූ කොවිඩ් 19 රෝගෙන් සංඛ්‍යාව 133 දක්වා ඉහල ගියේය. අලුත් රෝගීන් සියලු දෙනා හදුනාගෙන ඇත්තේ නිරෝධානයට යොමුකළ පිරිස් අතරිනි.
ප්රවෘත්ති
ඊයේ දිනයේ රෝගීන් 14ක් වාර්තා වීමත් සමග මෙරටින් හමු වූ කොවිඩ් 19 රෝගෙන් සංඛ්‍යාව 133 දක්වා ඉහල ගියේය. අලුත් රෝගීන් සියලු දෙනා හදුනාගෙන ඇත්තේ නිරෝධානයට යොමුකළ පිරිස් අතරිනි.
පවුලේ සැමට එක්ව නිවසට වී අවුරුදු සමරන්නැයි ආණ්ඩුව කීවත් විශාල පිරිසක් තවමත් නිවෙස් කරා යාමට නොහැකිව අවතැන්ව සිටින බවත් ඒ අතරේ ඇතැමුන් කොරෝනා ව්‍යසනයත් මුදල් හම්බකර ගැනීමේ ව්‍යාපෘතියක් කරගෙන සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි. “දැන් එතකොට මේකෙන් මේ ලෝකෙට දීපු පණිවිඩේ තමයි මේ සියලු දේවල් අතෑරපල්ලා කියන එක. හැබැයි තාමත් මේ…
අප්‍රේල් 19 වනදායින් පසු ශ්‍රී ලංකාව කොරෝනා රෝගයෙන් තුරන් රටක් වන බවට තමන් ප්‍රකාශ නොකළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසයි. “කිසිම වෙලාවක මම කිව්වෙ නැහැ රට විවෘත කරන කතාවක් හෝ එහෙම නැත්නම් දවස් කීපයක් ඇතුළත මේ රටින් සම්පූර්ණ ලෙඩේ පහව යනවා කියන කතාවක්. මම කිව්වෙ අපට දවස් 30ක් යනකොට සාමාන්‍යයෙන් රෝගීන් සිටිනවා…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත ඒ මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ දී මිරිහාන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ආණ්ඩුව මේ මොහොතේ ඇඳිරි නීතිය ලිහිල් නොකළේ මහජනයා එම සහනය අත්‍යවශ්‍ය සේවා සපයා ගැනීමට සීමා නොකර අවුරුදු සැමරීමට හා නෑ ගමන් යාමට යොදාගනු ඇතැයි මතු වූ විරෝධතාවක් නිසා බව තතු දත් ආරංචි මාර්ග කියයි . එසේ වුයේ නම් කොවිඩ් 19 පාලනය කිරීමේ පියවර බිඳ වැටෙන බව විශේෂඥයන් රජයට පෙන්වා දී තිබේ. අවදානම් දිස්තික්ක 5ක් හැර…
ඊයේ සවස තවත් කෝවිඩ් 19 ආසාදිතයන් 7 දෙනකු හමුවීමත් සමග මෙරටින් සොයාගත් කොව්ඩ් ආසාධිතයින් සංඛ්‍යාව 210 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. කෙසේ වෙතත් මේ අතරින් 56ක් සම්පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. මියගිය සංඛ්‍යාව 7 කි. ප්‍රතිකාර ලබමින් සිටින රෝගී සංඛ්‍යාව 147 කි.
මහමැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් බලයක් මේ මොහොතේ ජනාධිපතිවරයා සතුව නොමැති බවත් ඒ පිළිබඳ සියලු තීරණ ගත යුත්තේ මැතිවරණ කොමිසම විසින් බවත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. “පාර්ලිමේන්තුව නැවත කැඳවීමද, මැතිවරණ පැවැත්වීමද, එසේ නැත්නම් මේ කොරෝනා වෛරසය ලෝකයම ඩැහැගන්න වෙලාවෙ එය පාලනය කරලා, එය සමනයකට පත්කිරීමද කළ යුත්තේ කියන ප්රශ්නය පළවෙනි එක. ඒකට සහයෝගයක්…
කොවිඩ් 19 ආසාදිතයන් හතරදෙනකු අද දින හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 203 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොසිනි. පුද්ගලයන් 55 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ඉතාලිය, ප්‍රංශය, ස්පාඥ්ඥය සහ ජර්මනිය යන රටවල කොවිඩ් 19 රෝගය පාලනය වී ඇති බවත් එම රටවල රෝගය අඩුවීමේ ප්රවනතාවක් පෙන්වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්යක්ෂ ආචාර්ය ටෙඩ්රෝස් අදනම් ගෙබ්රියසුස් මහතා ප්‍රකාශ කොට ඇත. එම රටවල රෝගීන් වාර්තා වීම ක්‍රමානුකුලව අඩුවීමක් දක්නට ලැබෙන බව ඒ මහතා පවසයි. කෙසේ වෙතත් රෝගය පාලනය කිරීමට ගත් පියවර ඉවත්…
පරිප්පු කිලෝවක් රුපියල් 65ක් ලෙස හා ටින් මාළු ටින් එකක් රුපියල් සියයක් ලෙස රජය සහතික මිලක් නියම කිරීමෙන් පසුව වෙළෙඳපොලෙන් එම භාණ්ඩ අතුරුදන් වීමෙන් පසුව එම පාලන මිල ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළේ ය. මෙම තීරණයට එළඹ ඇත්තේ පරිප්පු හා ටින් මාළු ආනයන කරුවන් එම භාණ්ඩ ගෙන්වීම නවතා දැමීමෙන් පසුව ය. මේ අතර රජය…
දැනට වෙළෙඳපොලේ ඇති වී තිබෙන කහ හිගයට හේතුව ආණ්ඩුව විසින් පසුගිය දා සිට ක්‍රියාත්මක කොට ඇති ආනයන තහනම බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කිය යි. ශ්‍රී ලංකා ආනයනකරුවන් ගේ සංගමයේ සභාපති ජේ රාජේන්ද්‍රන් මහතා ප්‍රකාශ කරන්නේ මෙරට පරිභෝජනය සඳහා මසකට කහ කිලෝ ග්‍රෑම් 400,000ක් අවශ්‍ය වන බව යි. රජය පනවා ඇති ආනයන තහනම නිසා මේ වනවිට…
කොවිඩ් 19 රෝගීන් හත් දෙනකු ඊයේ රාත්‍රියේ හඳුනාගත් බව කොරෝනා වසංගතය තුරන්කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක මණ්ඩල ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. මෙම හත් දෙනා ම හමු වී ඇත්තේ ජා ඇළ ප්‍රදේශයේ එක ම ජාලයකිනි. ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 197ක් බවට පත්වෙයි. මෙම සංඛ්‍යාවට මුලින් ම හමු වූ…