ඇඳිරිය තද කළේ අවුරුදු නිසා ම ලු !

ආණ්ඩුව මේ මොහොතේ ඇඳිරි නීතිය ලිහිල් නොකළේ මහජනයා එම සහනය අත්‍යවශ්‍ය සේවා සපයා ගැනීමට සීමා නොකර අවුරුදු සැමරීමට හා නෑ ගමන් යාමට යොදාගනු ඇතැයි මතු වූ විරෝධතාවක් නිසා බව තතු දත් ආරංචි මාර්ග කියයි .

එසේ වුයේ නම් කොවිඩ් 19 පාලනය කිරීමේ පියවර බිඳ වැටෙන බව විශේෂඥයන්  රජයට පෙන්වා දී තිබේ.

අවදානම් දිස්තික්ක 5ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (14 දා) උදේ 6.00 සිට සවස 4,00 දක්වා  ඉවත් කරන බව රජය කලින් නිවේදනය කොට තිබිණි. දැන් එම ලිහිල් කිරීම 16 දා දක්වා කල් තබා ඇත. එසේ කරන ලද්දේ ඉහත හේතුව නිසා බව අපගේ ආරංචි මාර්ග කියයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *