ඊයේ රාත්‍රී එක ම ජාලයකින් රෝගීන් හතක්

කොවිඩ් 19 රෝගීන් හත් දෙනකු ඊයේ රාත්‍රියේ හඳුනාගත් බව කොරෝනා වසංගතය තුරන්කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක මණ්ඩල ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මෙම හත් දෙනා ම හමු වී ඇත්තේ ජා ඇළ ප්‍රදේශයේ එක ම ජාලයකිනි.

ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 197ක් බවට පත්වෙයි. මෙම සංඛ්‍යාවට මුලින් ම හමු වූ චීන කාන්තාව ද ඇතුලත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *