කහ හිගයට හේතුව ආණ්ඩුවේ තහංචිය යි

දැනට වෙළෙඳපොලේ ඇති වී තිබෙන කහ හිගයට හේතුව ආණ්ඩුව විසින් පසුගිය දා සිට ක්‍රියාත්මක කොට ඇති ආනයන තහනම බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කිය යි.

ශ්‍රී ලංකා ආනයනකරුවන් ගේ සංගමයේ සභාපති ජේ රාජේන්ද්‍රන් මහතා ප්‍රකාශ කරන්නේ මෙරට පරිභෝජනය සඳහා මසකට කහ කිලෝ ග්‍රෑම් 400,000ක් අවශ්‍ය වන බව යි. රජය පනවා ඇති ආනයන තහනම නිසා මේ වනවිට කහ ගෙන්වීම නවතා  ඇති බව කියන ඒ මහතා මෙරට අහාර සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන කහ ගෙන්වීමේ තහනම වහාම ඉවත්කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *