වෙළෙඳපොලෙන් අතුරුදන් වූ පසු පරිප්පු , සැමන් පාලන මිල ඉවතට


පරිප්පු කිලෝවක් රුපියල් 65ක් ලෙස හා ටින් මාළු ටින් එකක් රුපියල් සියයක් ලෙස රජය සහතික මිලක් නියම කිරීමෙන් පසුව වෙළෙඳපොලෙන් එම භාණ්ඩ අතුරුදන් වීමෙන් පසුව එම පාලන මිල ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළේ ය.
මෙම තීරණයට එළඹ ඇත්තේ පරිප්පු හා ටින් මාළු ආනයන කරුවන් එම භාණ්ඩ ගෙන්වීම නවතා දැමීමෙන් පසුව ය.
මේ අතර රජය දේශීය ටින්මාළු නිෂ්පාදකයින් සමග ද සාකච්ඡා කොට ඇත. රජයේ සහතික මිලට ටින්මාළු ලබාදිය නොහැකි බව ප්‍රකාශ කොට ඇති එම නිෂ්පාදකයින් එසේ කිරීමට නම් රජයේ විශාල සහනාධාරයක් අවශ්‍ය බව පෙන්වා දී තිබේ.
පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කොට ඇත්තේ එම සාකච්ඡාවලින් පසුව ය.
පරිප්පු සහ සැමන් අඩු මිලට ලබාදීම ජනාධිපතිවරයාගේ කොරෝනා සහන පැකේජයේ ප්‍රධාන අංගයක් වී ය.
ආණ්ඩුවේ නව තීරණයත් සමග එම සහ ද අහෝසි වී යයි.
