ඉතාලියේ, ස්පාඥ්ඥයේ, ප්‍රංශයේ සහ ජර්මනියේ කොරෝනා පාලනය වෙලා – ලෝක සෞඛ්‍ය සංවිධානය

ඉතාලිය, ප්‍රංශය, ස්පාඥ්ඥය සහ ජර්මනිය යන රටවල කොවිඩ් 19 රෝගය පාලනය වී ඇති බවත් එම රටවල රෝගය අඩුවීමේ ප්‍රවනතාවක් පෙන්වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය  ටෙඩ්රෝස් අදනම් ගෙබ්‍රියසුස් මහතා ප්‍රකාශ කොට ඇත. එම රටවල රෝගීන් වාර්තා වීම ක්‍රමානුකුලව අඩුවීමක් දක්නට ලැබෙන බව ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් රෝගය පාලනය කිරීමට ගත් පියවර ඉවත් කිරීම ක්‍රමානුකුලව සිදු කළ  යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

අප්‍රිකානු මහාද්වීපයේ රෝගය පැතිරීමේ අවධානම වැඩි වී ඇති බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *