ගුවන් විදුලි සභාපතිටත්-අධ්‍යක්ෂ මණ්ඩලයටත් ඉවත්වන්නැයි ඇමැති කියයි

  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වැන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (11) දැනුම් දී ඇත බව වාර්තා වෙයි. නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ සංස්ථාව සතු ඉඩමක් පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව බදු දීම සංස්ථාව සතු සංඛ්‍යාත අනුමැතියකින් තොරව වෙනත් පාර්ශවයකට පැවැරීම ඇතුළු චෝදනා කීපයක් හේතුවෙන් ඇමැතිවරයා මෙම…

ඉස්ලාම් අන්තවාදය එක්ක දීගකන්න බලාන ඉන්න දේශපාලන තක්කඩි අපේ ආණ්ඩුවේ ඉන්නවා – විමල්

ඉස්ලාම් අන්තවාදීන් සමග අනාගතයේදී සහයෝගයෙන් වැඩකිරීමට සූදානමින් සිටින දේශපාලන තක්කඩි පිරිසක් වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව තුළ සිටින බවට කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.”කොමිෂන් සභා වාර්තාව අනුව, ඒ විනිශ්චයකාරවරුන් දීලා තියෙන අවසන් වාර්තාව අනුව සහරාන් බිහිවෙලා තියෙන්නෙ ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවො හින්දා. එතකොට දැන් අයි එස් අයි එස් එක හැදිලා තියෙන්නෙත් ගලගොඩ…

තවත් කොවිඩ් මරණ හතරක් ; කොළඹින් තුනක්

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ තවත් මරණ හතරක් වාර්තා වී ඇත . ඉන් දෙකක් කොළඹ 14 සහ කොළඹ 9 ප්‍රදේශ වලින්ද එකක් කොළඹට ආසන්න නුගේගොඩ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ අනෙක් මරණය වාර්තා වන්නේ මහනුවර අලවතුවල ප්‍රදේශයෙනි. මේ වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 515 කි.

ඊයේ කොවිඩ් ආසාදිතයින් 300 යි ; සමස්තය 86,643 යි

ඊයේ දිනයේ හමුවූ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 300 ක් ලෙස වාර්තා වෙයි . ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 86,643 ක් වශයෙනි. වත්මන්කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 82,352 ක් වශයෙන් සටහන් වෙයි.

මාස 06ක් තුළ දී කොටස් වෙළෙඳපොළේ අඩුම දෛනික පිරිවැටුම අද

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (10) දින දෛනික ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 657.97 ක් ලෙසින් සටහන් විය. මෙහි ඇති විශේෂත්වය වනුයේ 2020 අගෝස්තු 10 දිනෙන් පසු තනි දිනක් තුළ වාර්තා වූ අඩුම පිරිවැටුම මෙය වන නිසාවෙනි. එසේම ඊයේ (09) දිනය වන විට 2021 වසරේ දෛනික ගනුදෙනු පිරිවැටුමේ සාමාන්‍ය රු. බිලියන 6.98 ක් ලෙසින් දැක්වුණු අතර ඒ…

වතු කම්කරු වැටුප රුපියල් 900 ක් ලෙස ගැසට් කරයි ; රුපියල් සියයක සහන දීමනාවක් !

වතු කම්කරු දෛනික මුලික වැටුප රුපියල් 900 ක් ලෙස අද ගැසට් නිවේදනයක් මගින් රජය  ප්‍රකාශයට පත්කොට ඇත. ඒ සමග රුපියල් සියයක සහන දීමනාවක් ගෙවීමට ද නියම කොට තොබේ. කම්කරු අමාත්‍යාංශය  මගින් මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ පඩි පාලක සභා ආඥා පනත යටතේ ය. වතු වෘත්තීය සමිති වල ඉල්ලීම මත මෙම ගැසට් නිවේදනය නිකුත් කොට…

සීනි බදු වංචාව බිලියන 15.9 ක් බව මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තු කමිටුවට කියයි

සීනි බදු අඩු කිරීමට රජය නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිදු කර ඇති බදු වංචාව නිසා රජයට සිදු වී ඇති පාඩුව රුපියල් බිලියන 15.9 ක් බව මුදල් අමාත්‍යංශ නිලධාරීන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය  මුදල් කාරක සභාවට අද දැනුම් දී ඇති බව  වාර්තා වෙයි. මෙම වංචාව ගැන පාර්ලිමේන්තු කමිටුව මුදල් ආමාත්‍යංශ නිලධාරීන් ගෙන්වා කළ විමසුමකට පිළිතුරු ලෙස නිලධාරීන්…

පාස්කු ප්‍රහාරය ගැන ඉන්දියාවට ලැබුණු තොරතුරු අපේ බුද්ධි අංශවලට නොලැබුණේ ඇයි ? කියන එකත් ප්‍රශ්නයක් – එජාප නායක රනිල් වික්‍රමසිංහ

පාස්කු ඉරිදා පල්ලිවලට සහ හෝටල්වලට එල්ල වූ ප්‍රහාරය ගැන ඉන්දියාව තොරතුරු දී තිබිය දී ක්‍රියාත්මක  නොවීම පමණක් නොව , මෙරට බුද්ධි අංශවලට එම තොරතුරු කිසිවක් නොලැබීම ද ප්‍රශ්නයක් බව හිටපු අගමැති , එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ප්‍රහාරයට මාස පහකට පමණ පෙර සිට සහරාන්  හසීම්ගේ කණ්ඩායම අවි පුහුණුව ලබා ඇති බව ට…

අද කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 288 ට අඩුවෙයි ; සමස්තය 86,317 යි

අද දිනයේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 288 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 86,317 ක් ලෙස වාර්තා වෙයි . වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 82,052 කි. කොවිඩ් රෝගීන් වාර්තාවීම අඩු වී ඇත්තේ එන්නත නිසා ම නොවන බවත්, පාලනයක් සිදු වී ඇති බවත්, සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී සුදර්ශනේ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය…

තවත් කොවිඩ් මරණ හතරක් වාර්තා වෙයි ; එකතුව 511 යි

කොවිඩ් 19 ආසාදිත මරණ හතරක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 511 කි. අද මරණ වාර්තා වී ඇත්තේ උඩුවිල්, හොරපේ , අකුරණ සහ රාගම ප්‍රදේශවලිනි.

අදත් කොවිඩ් ආසාදිතයින් 334 ක් ;සමස්තය 85,979 යි

කොවිඩ් 19 ආසාදිතයින් 334 දෙනෙකු අද අලුති වාර්තා වූ බව රජය නිල වශයෙන් නිවේදනය කොට ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 85,979 කි. වර්තමාන කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 81,764 ක් ලෙස සටහන් වී ඇත. මේ අතර මේ දිනවල දිනකට කරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ද අඩු වී ඇති බව සෞඛ්‍ය සේවා…

අද කොවිඩ් මරණ පහයි ; එකතුව 507 යි

අද දිනයේ තවත් කොවිඩ් මරණ හතක් තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි . ඒ අනුව මෙරටින් වාර්තා වු කොවිඩ් මරණ සංඛ්‍යාව 507 දක්වා ඉහළ ගොස් ඇත . මෙම මරණ වාර්තා වී ඇත්තේ අනුරාධපුර , හෙම්මාතගම , දර්ගා නගරය, කොළඹ 6 සහ ජාඇල ප්‍රදේශ වලිනි. මෙයින් අනුරාධපුරයෙන් වාර්තා වන මරණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී…