වතු කම්කරු වැටුප රුපියල් 900 ක් ලෙස ගැසට් කරයි ; රුපියල් සියයක සහන දීමනාවක් !

වතු කම්කරු දෛනික මුලික වැටුප රුපියල් 900 ක් ලෙස අද ගැසට් නිවේදනයක් මගින් රජය  ප්‍රකාශයට පත්කොට ඇත. ඒ සමග රුපියල් සියයක සහන දීමනාවක් ගෙවීමට ද නියම කොට තොබේ.

කම්කරු අමාත්‍යාංශය  මගින් මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ පඩි පාලක සභා ආඥා පනත යටතේ ය.

වතු වෘත්තීය සමිති වල ඉල්ලීම මත මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ වතු සමාගම්වල විරෝධය මධ්‍යයේ ය. මෙලෙස රජයේ අවශ්‍යතා මත වැටුප් වැඩි කොට වතු පවත්වාගෙන යා නොහැකි බව වතු සමාගම් කියයි.

මෙම ගැසට් නිවේදනයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද ඇතැම් වතු සමාගම් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *