අදත් කොවිඩ් ආසාදිතයින් 334 ක් ;සමස්තය 85,979 යි

කොවිඩ් 19 ආසාදිතයින් 334 දෙනෙකු අද අලුති වාර්තා වූ බව රජය නිල වශයෙන් නිවේදනය කොට ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 85,979 කි.

වර්තමාන කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 81,764 ක් ලෙස සටහන් වී ඇත.

මේ අතර මේ දිනවල දිනකට කරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ද අඩු වී ඇති බව සෞඛ්‍ය සේවා අංශ කියයි .

පසුගිය කාලයේ එක දිනකට පරීක්ෂණ 18,000 ඉක්මවා සිදු කළ ද මේ වනවිට සිදු කරන්නේ පරීක්ෂණ 10,000 කට වඩා අඩුවෙන් බව කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *