ඉස්ලාම් අන්තවාදය එක්ක දීගකන්න බලාන ඉන්න දේශපාලන තක්කඩි අපේ ආණ්ඩුවේ ඉන්නවා – විමල්

රිෂාඩ් බදූර්දීන්ගෙ මල්ලි දුරකථන ඇමතුම් සහරාන්ට ගත්ත හැටි, සහරාන්ගෙ දුරකථන ඇමතුමෙන් පස්සෙ එයා අයියාට කෝල් කරපු හැටි, ආයෙ අයියගෙ කෝල් එකෙන් පස්සෙ එයා සහරාන්ට කෝල් කරපු හැටි අපි නෙවෙයි කිව්වෙ පොලිසියෙ මහත්තුරු ගිහිල්ලා කාදිනල්තුමන්ට පෙන්නුවෙ. අපට නෙවෙයි පෙන්නුවෙ කාදිනල්තුමන්ට. අත් අඩංගුවෙදි බදූර්දීන්ගෙ මල්ලි කියනවා බිස්නස් ගැන කෝල් කළේ කියලා. එළියට දාන්න ඕනෙ වුණාම ඒ දුරකථන ඇමතුම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ගනුලැබූ දුරකථන ඇමතුම් බවට පත්වෙනවා. කොමිසමෙත් සහරාන්ගෙ අවතාර හිටියාද කියලා හිතෙනවා එක වෙලාවකට.
මේ ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා ඉස්ලාම් අන්තවාදයත් එක්ක අනාගතයෙදි හරි දීගකන්න වෙයි කියලා හිතාගෙන වැඩකරන උදවිය. අනාගතයෙදි ඒ පෙළවහටත් ලෑස්තිවෙලා ඉන්න උදවිය ඉන්නවා. ඉස්ලාම් අන්තවාදය එක්ක දීගකන්න බලාගෙන ඉන්න ඒ දේශපාලන තක්කඩියො එක්තරා ආකාරයකට අන්තවාදය විවෘත කරලා නිරාවරණය කරලා රිෂාඩ් බදූර්දීන්ලාව නියම ස්වරූපයෙන් සමාජය හමුවේ නිරාවරණය කරන එක වළක්වලා තියෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ පෙරේදා (09) කොළඹදී පැවති ජාතික නිදහස් පෙරමුණේ සම්මන්ත්‍රණයක් අමතමිනි.
කෙසේවෙතත් මෙහිදී තමන්ට නැඟූ චෝදනා සම්බන්ධයෙන් වීරවංශ මහතාට එරෙහිව මේ වනවිටත් රිෂාඩ් බදූර්දීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ කොටසක් ඉස්ලාම් අන්තවාදය සමග සම්බන්ධ වීමට සූදානමින් සිටින බවට වීරවංශ මහතා එම ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකුව සිටිමින් මේ විවෘතව එල්ල කරන චෝදනාව ආණ්ඩුවට අනිවාර්යයෙන්ම දැවැන්ත දේශපාලනික හානියක් සිදුකරන ආකාරය ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇත.
RN
LANKANEWSWEB
