පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ නොවන බව කීවාට ආරක්ෂක ලේකම්ට ආණ්ඩුවෙන් ම දෝස්මුර !

පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මහ මොලකරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නොවන බවට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පසුගිය දා මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ම පිරිස් ඒ මහතාට දොස් පවරා ඇති බව දැනගන්නට ඇත. සමාජ මාධ්‍ය මගින් ජනාධිපතිතුමාට එල්ල කර තිබු චෝදනාවකට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා කීවේ එම චෝදනාවලට කිසිදු පදනමක් නැති…

සියලු චෝදනා බොරු වුණත් වෛද්‍ය සාෆිට දඬුවම් දෙන්න හදයි

සිංහල මව්වරුන් 4000 කට වඳ සැත්කම් කළ බවට බොරු චෝදනා නගා වැඩ තහනමට ලක් කර සිටි කුරුනෑගල රෝහලේ නාරි රෝග විශේෂඥ වෛද්‍ය මොහොමඩ් සහබ්දීන් සාෆි මහතාට එල්ල කළ චෝදනා බොරු බව ඔප්පු වී ඔහු නිදොස් වී තිබුන ද ඔහුට දඬුවම් කිරීමේ උත්සාහය දිගට ම ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙයි. මෙම උත්සාහය ක්‍රියාත්මක වන්නේ විවිධ…

විමල්ගේ, වාසුගේ, ගම්මන්පිලගේ දිව්රුම් පෙත්සම් නීති විරෝධියි – නීතිපති අධිකරණයට කියයි

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඉදිරිපත් කර තිබෙන දිව්රුම් පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සහ නීති විරෝධී  බව නීතිපතිවරයා අද (17) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඒ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ගිවිසුමට අදාළව ගොනු කර තිබෙන පෙත්සම් අද දෙවැනි දිනට සලකා බැලු අවස්ථාවේදිය. කෙරවලපිටිය…

අද කොවිඩ් මරණ 21 යි ; නව ආසාදිතයින් 758 යි

අද දිනයේ රජය නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 21 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,698 දක්වා ඉහළ ගොස් ඇත. අද දිනය තුළ හඳුනාගනු ලැබූ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 758 ක් වශයෙනි. මෙරටින් හඳුනාගනු ලැබ ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සම්පුර්ණ සංඛ්‍යාව මේ වන විට සටහන්ව…

වරායේ සිර වූ ඩොලර් මිලියන 200 ක බඩු මුදාගන්න මහ බැංකුව මිලියන 25 ක් දෙයි

  මහ බැංකුව ඩොලර් නිකුත් නොකිරීම නිසා වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ මුදා ගැනීමට ඩොලර් මිලියන 200 ක පමණ මුදලක් අවශ්‍යව තිබුන ද මහා බැංකුව එකඟ වී ඇත්තේ මිලියන 25 ක මුදලක් පමණක් නිකුත් කිරීමට බව වාර්තා වෙයි. භාණ්ඩ ආනයන කරුවන් සහ වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අතර අද පැවති සාකච්ඡාවකින් පසු…

ඉන්ධන මිල අද රෑ වැඩි කරන්නේ නෑ – ඇමති උදය ගම්මන්පිල

ඉන්ධන මිල වැඩි කිරීම අද රෑ සිදු නොකරන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කොට ඇත. අද රාත්‍රී සිට ඉන්ධන මිල වැඩි කිරීමට රජය තීරණය කොට ඇති බවට පලවන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් ඇමතිවරයා කියා ඇත්තේ එය අසත්‍ය වාර්තාවක් බවයි.

සිංහල කතුන් වඳ කළැයි බොරු චෝදනා ලැබූ වෛද්‍ය ෂාෆි හිග වැටුප් සහිතව යළි සේවයට

සිංහල කතුන් 4000 ක් වඳ භාවයට පත් කළයි බොරු චෝදනාවකට ලක් කළ කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්.  ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා සිංහල මව්වරුන්ට…

බැසිල් නැති කාලයේ මුදල් ඇමති තනතුරේ වැඩ බලන්න මහාචාර්ය ජී එල් පත්කරයි

  විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩබලන මුදල් ඇමැතිතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී. ඔහු බැසිල් රාජපක්ෂ මහතා සමග පොහොට්ටු පක්ෂය ගොඩ නගමින් එහි සභාපති ලෙස කටයුතු කළ ප්‍රබල බැසිල් වාදියෙකි. මුදල ඇමති තනතුරේ වැඩ බැලීමට ඔහු පත්කර ඇත්තේ තවත් වැදගත් තනතුරක් වන විදේශ ඇමති තනතුරේ කටයුතුවලට…

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ වෙයි

  ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වර්ෂයේ තෙවන කාර්තුවේ දී සෘණ වර්ධනයක්, එනම් පසුබැස්මක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, එම කාලය තුළ දී මෙරට ආර්ථික වර්ධන වේගය සඳහන් වුයේ ඍණ සියයට 1.5ක් ලෙස බවයි. තවද, 2021 තෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය…

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ නොවේ – ආරක්ෂක ලේකම් කමල් ගුණරතන

බොහෝ දෙනා චෝදනා කරන පරිදි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නොවන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කොට ඇත. පාස්කු ප්‍රහාරය වන විට ගොටාභය රාජපක්ෂ මහතා දේශපාලන වශයෙන් වැදගත් චරිතයක් නොවූ බවත්, ඒ මහතා ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් දින දෙකකට පසුව බවත්, ආරක්ෂක ලේකම්වරයා කියයි. පාස්කු ප්‍රහාරය මෙහෙය වූ…

අද කොවිඩ් මරණ 16 යි ; නව ආසාදිතයින් 772 යි

රජය අද තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,677 ක් ලෙස සටහන් වෙයි. අද දිනය තුළ අලුතින් හඳුනාගනු ලැබ ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 772 ක් බව වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන්…

ජනාධිපති ලේකම් පී බී ට ඇමති මණ්ඩලයම එරෙහි වෙයි !

සඳුදා පැවති ඇමති මණ්ඩල රැස්වීමේ දී ඇමති මණ්ඩලයේ බොහෝ දෙනෙකු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ ක්‍රියා කලාපය විවේචනය කළ බවත්, එයට මුළු ඇමති මණ්ඩලයේ ම සහය පළ වූ බව පෙනෙන්නට තිබු බවත්, තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි. ඇමතිවරුන් බොහෝ දෙනෙකුගේ විවේචනය වී ඇත්තේ, තමන්ට ජයසුන්දර මහතා හමුවීමට අවස්ථාවක් නොලැබෙන බව සහ තම දුරකථන…