වරායේ සිර වූ ඩොලර් මිලියන 200 ක බඩු මුදාගන්න මහ බැංකුව මිලියන 25 ක් දෙයි

මහ බැංකුව ඩොලර් නිකුත් නොකිරීම නිසා වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ මුදා ගැනීමට ඩොලර් මිලියන 200 ක පමණ මුදලක් අවශ්‍යව තිබුන ද මහා බැංකුව එකඟ වී ඇත්තේ මිලියන 25 ක මුදලක් පමණක් නිකුත් කිරීමට බව වාර්තා වෙයි.
භාණ්ඩ ආනයන කරුවන් සහ වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අතර අද පැවති සාකච්ඡාවකින් පසු ඇමතිවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම ඩොලර් මිලියන 25 නිකුත් කිරීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එකඟ වී තිබේ.
අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1500 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට වරායේ සිර වී ඇත්තේ ඒවා මුදා ගැනීම සඳහා ගෙවීම් කිරීමට මහ බැංකුව ඩොලර් නිකුත් නොකිරීම නිසා ය. එම භාණ්ඩ මුදා ගැනීමට ඩොලර් මිලියන 200 ක් පමණ අවශ්‍ය බව ආනයනකරුවෝ කියති.
මෙම අර්බුදය හේතුවෙන් ඉදිරි කාලයේ අවශ්‍යතා සඳහා භාණ්ඩ ඇනවුම් නොකිරීමට බොහෝ ආනයනකරුවන් තීරණය කොට ඇති බව ද වාර්තා වෙයි.
