බැසිල් නැති කාලයේ මුදල් ඇමති තනතුරේ වැඩ බලන්න මහාචාර්ය ජී එල් පත්කරයි

 

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩබලන මුදල් ඇමැතිතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී.

ඔහු බැසිල් රාජපක්ෂ මහතා සමග පොහොට්ටු පක්ෂය ගොඩ නගමින් එහි සභාපති ලෙස කටයුතු කළ ප්‍රබල බැසිල් වාදියෙකි.

මුදල ඇමති තනතුරේ වැඩ බැලීමට ඔහු පත්කර ඇත්තේ තවත් වැදගත් තනතුරක් වන විදේශ ඇමති තනතුරේ කටයුතුවලට අමතරව ය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාසයක නිවාඩුවක් ගත කිරීමට ඇමරිකාව බලා පෙරේදා (15) පිටත්ව ගියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *