සිංහල කතුන් වඳ කළැයි බොරු චෝදනා ලැබූ වෛද්‍ය ෂාෆි හිග වැටුප් සහිතව යළි සේවයට

සිංහල කතුන් 4000 ක් වඳ භාවයට පත් කළයි බොරු චෝදනාවකට ලක් කළ කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී තිබේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා සිංහල මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට විවිධ පාර්ශව චෝදනා කළ අතර එම සිද්ධිය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.
කෙසේ වෙතත් පසුව වාර්තා වුයේ එම වෛද්‍යවරයාට චෝදනා එල්ල කිරීමේ දී සාක්ෂි ලෙස යොදාගත් බොහෝ මව් වරුන්ට දරු සම්පත් හිමි වූ බවයි.
සාෆි වෛද්‍යවරයාට චෝදනා කළ ජන මාධ්‍ය සහ දේශපාලන ව්‍යාපාර ද පසුව නිහඬ වී ය. එයින් බොහෝ දෙනා වත්මන් ආණ්ඩුවට සම්බන්ධව සිටිති.
ෂාෆි මහතා 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළේය.
