ජනාධිපති ලේකම් පී බී ට ඇමති මණ්ඩලයම එරෙහි වෙයි !

සඳුදා පැවති ඇමති මණ්ඩල රැස්වීමේ දී ඇමති මණ්ඩලයේ බොහෝ දෙනෙකු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ ක්රියා කලාපය විවේචනය කළ බවත්, එයට මුළු ඇමති මණ්ඩලයේ ම සහය පළ වූ බව පෙනෙන්නට තිබු බවත්, තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි.
ඇමතිවරුන් බොහෝ දෙනෙකුගේ විවේචනය වී ඇත්තේ, තමන්ට ජයසුන්දර මහතා හමුවීමට අවස්ථාවක් නොලැබෙන බව සහ තම දුරකථන ඇමතුමකට පවා ඒ මහතා පිළිතුරු නොදෙන බවයි.
මේ අතර පී බී ජයසුන්දර මහතා තනතුරින් ඉල්ලා අස්වීමට සුදානම් වූ බවත්, ඔහුට ජනාධිපති පැමිණෙන තෙක් තීරණයක් නොගන්නා ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බවත්, දැනගන්නට ඇත.
මේ දිනවල ජයසුන්දර මහතා සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වී සිටින බව ද වාර්තා වෙයි.
ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා හදිසියේ විදේශ ගතවීම නිසා සඳුදා ඇමති මණ්ඩල රැස්වීම පැවතියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනි.
