ආර්ථික අර්බුදය දරුණු ම මොහතක තිබිය දී මුදල් ඇමති බැසිල් ඇමරිකා යයි ! මාසයක නිවාඩුවක් !!

රටේ ආර්ථික අර්බුදය ඉතා ම දරුණු තත්ත්වයක තිබිය දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (15) අලුයම ඇමරිකාව බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා මෙසේ ඇමරිකාව බලා ගොස් ඇති අතර මසක පමණ කාලයක් එහි රැඳී සිටිනු ඇති බව දන ගන්නට ඇත.

ඩුබායි බලා යන එමිරේට්ස් ගුවන් යානයකින් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහ බිරිඳ අද උදෑසන 2.55 ට මෙරටින් පිටත්ව ගොස් ඇත.

රටේ ආර්ථිකය දරුණු ම අඩියක තිබිය දී සහ එය ගොඩ ගැනීමට ඉක්මන් තීරණ ගැනීම අවශ්‍ය මොහොතක මුදල් ඇමතිවරයා මෙලෙස රටින් පිටව ගොස් තිබේ.

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ද මේ වනවිට සිටින්නේ විදේශ ගතව ය. ඒ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පුරුවට ගිය බව නිල වශයෙන් නිවේදනය කොට ඇත.

ජනාධිපතිවරයා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේ වාරය  අවසන් කිරීමෙන් අනතුරුව එය නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 18 වනදා ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *