පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ නොවේ – ආරක්ෂක ලේකම් කමල් ගුණරතන

බොහෝ දෙනා චෝදනා කරන පරිදි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නොවන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කොට ඇත.

පාස්කු ප්‍රහාරය වන විට ගොටාභය රාජපක්ෂ මහතා දේශපාලන වශයෙන් වැදගත් චරිතයක් නොවූ බවත්, ඒ මහතා ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් දින දෙකකට පසුව බවත්, ආරක්ෂක ලේකම්වරයා කියයි.

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ මහ මොලකරු ගොටාභය රාජපක්ෂ මහතා බවට සමාජ මාධ්‍ය මගින් බොහෝ චෝදනා එල්ල වන නමුත් ඒ සියල්ල පදනම් විරහිත චෝදනා බව ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත්තේ ජනාධිපති මාධ්‍ය ඒකකය සංවිධානය කොට තිබු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *